• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදුලි පාරිභෝගිකයා පහසුවට නව ඇමැතුම් මධ්‍යස්ථානයක්

23 February 2019
in සංවර්ධන

නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද නව ඇමතුම් මධ්‍යස්ථානයක් අප්‍රේල් 05 දින වනවිට ලංකා විදුලි බල මණ්ඩලයට ස්ථාපිත කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) චිත්තම්පලන් ඒ ගාඩිනර් මාවත පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයීය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ “මේ මූලස්ථානයේ තියෙන අළුත්වැඩියා කිරීම් සහ නව ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු පුළුවන් තරම් ඉක්මන් කරන්න කියලා මම මේ අවස්ථාවේ අදාළ අංශයන්ට උපදෙස් දෙනවා. ඒ වගේම ලං.වි.ම. ඇමතුම් මධ්‍යස්ථානයේ වැඩකටයුතු වඩාත් කාර්යක්ෂමව සිදුකර, ඒ තුළින් පාරිභෝගිකයාට හැකිතාක් සමීපව සේවා සපයන ආයතනයක් බවට ලංවිම පත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සදහා දැනට තිබෙන පහසුකම් වලට අමතරව නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද ඇමතුම් මධ්‍යස්ථානය අප්‍රේල් 05 දින වනවිට විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.

වසර ගණනාවකට පෙර නාරාහේන්පිට ප්‍රදේශයේ ඉදිකිරිමට යෝජිතවූ ලංවිම නව කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු මේ වනතෙක් නිමාවී නොමැති බැවින්, එය සිදුකිරීමේ හැකියාව පිළිබදව සොයා බලා, හැකි ඉක්මණින් එම ඉදිකිරීම් ආරම්භ කළ යුතු බවත්, පාරිභෝගිකයාට ඵලදායි, කාර්යක්ෂම, ගුණාත්මක මෙන්ම අඛණ්ඩ විදුලි සේවාවක් සැපයීම වෙනුවෙන් ලං.වි.ම. කාර්ය මණ්ඩලයේද පහසුකම් සපුරා දියයුතු බැවින්, යෝජිත නව කාර්යාල පරිශ්‍රයේ ඉදිකිරීම් කඩිනම් කළයුතු බවත් අමාත්‍ය කරුණානායක මහතා පැවසීය.

 

Post Views: 7
Previous Post

ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කෙරේ

Next Post

මනුෂගේ නම විකුණා ජපන් රැකියා ජාවාරමක යෙදුන සැකකරුවෙක් අත්අඩංගුවට

editor

editor

Next Post

මනුෂගේ නම විකුණා ජපන් රැකියා ජාවාරමක යෙදුන සැකකරුවෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved