• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විමල් කියපු ඒවා ඔප්පු වුණොත් මම අයින් වෙනවා – රිෂාඩ් කියයි

21 June 2019
in දේශීය

විමල් වීරවංශ මට විරුද්ධ චෝදනා ඔප්පු කලහොත් තමා පාර්ලිමේන්තුවෙන් හා දේශපාලනයෙන් සමුගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

පසුගිය පාස්කු දින ත්‍රස්ථ ප්‍රහාරයේදී දෙමටගොඩ ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරුණු තැනැත්තිය තමාගේ මවගේ සහෝදරයාගේ දියණිය බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් තමා ත්‍රස්තවාදය හා සම්බන්ධකරමින් පසුගිය දහ අට වැනිදින (18) පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශය මුලුමනින්ම අසත්‍ය චෝදනාවක් බවත් ඔහුට හැකිනම් එම චෝදනාව ඔප්පුකර පෙන්වන ලෙසටත් තමා විමල් වීරවංශ මන්ත්‍රීවරයාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුටත් පවසන්නේ එලෙස මෙම ප්‍රකාශය ඔප්පුකලහොත් තමා පාර්ලිමේන්තුවෙන් හා දේශපාලනයෙන් සමුගන්නා බවයි,එලෙසම මෙය ඔප්පුකිරීමට විමල් වීරවංශ මන්ත්‍රීවරයාට නොහැකි වුවහොත් ඔහු දේශපාලනයෙන් සමුගනීවි යැයි තමා විශ්වාස කරන බව රිෂාඩ් මහතා පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා “පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තම අදහස් ඉදිරිපත්කරන්න මේ පාර්ලිමේන්තුවේ නිදහස තියෙනවා.ඒත් චරිත ඝාතනය කරමින් ජාතීන් අතර වෛරය ක්‍රෝධය පැතිරවීම සිදුකරන අසත්‍ය ප්‍රකාශ කිරීම මේ උත්තරීතර පාර්ලිමේන්තුවට අගෞරවය කිරීමක්.ජාතීන් අතර අසමගිය ඇතිකිරීම සදහා සිදුකරගෙන යන මෙම කුජීත ක්‍රියාව මම තරයේ හෙලා දකිනවා.දේශපාලකයකුගේ වගකීම ජාතීන් අතර වෛරය ක්‍රෝධය ඇතිකර ඔවුන් අතර අසමගියක් වර්ධනය කර ඡන්ද පදනමක් ගොඩනගාගැනීම නොවෙයි.මෙවැනි අවස්ථාවක රටට හිතකාමී දේශපාලනඥයකුගේ ප්‍රධාන වගකීම වන්නේ ජාතීන් අතර සමගිය හා සහජීවනය ගොඩනැගීම උදෙසා වැඩකටයුතු කිරීමයි.
මෙවැනි වෛරී ප්‍රකාශන නිසා මා ඇතුලු මගේ පාක්ෂිකයින් ඥාතීන් ඇතුලු පිරිස දැඩි පීඩනයට පත්වෙනවා.අපිට අවශ්‍ය මේ පුන්චි රටේ සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් වෙන්න.කිසිදිනක අපි ත්‍රස්තවාදීන්ට උදව් කරලා නැහැ.කරන්නෙත් නැහැ.සියලුම ආගම්වල දර්ශනය අනුව කවදාහරි සත්‍ය ජයගන්නවා කියනකතාව මම අවසානයේ මේ අයට කියන්න කැමතියි. යැයි රිෂාඩ් බදියුදීන් මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 8
Previous Post

ත්‍රිකුණාමලය වරාය සඳහා ජපාන, යෙන් බිලියනයක ප්‍රදානයක්  

Next Post

එංගලන්තය පිල පරදවා ශ්‍රී ලංකා පිල ජය ගනි

editor

editor

Next Post

එංගලන්තය පිල පරදවා ශ්‍රී ලංකා පිල ජය ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved