• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

”විවාදයට එන්න කියන්නේ ගෝඨාභයව මරන – එල්ලන විදිය ගැන සාකච්ඡා කරන්නද?” : මොහොමඩ් මුසම්මිල්…

29 October 2019
in දේශීය

මේ දක්වා රටේ අනාගතය හා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් හරවත් කිසිවක් සිදු නොකළ සජිත් පේමදාස වැනි අයෙක් සමග කුමක් කතා කරන්නදැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් ප්‍රශ්න කළේ ය. අද (29) කොළඹ පැවැති මාධ්ය‍ය හමුවක දී ඔහු මේ අදහස් පළ කළේ ය.

සජිත් පේමදාස මහතා ගේ වේදිකාවේ මේ වනවිට ප්‍රකාශ වන්නේ වෛරී සහගත ප්‍රකාශයන් බවත්, ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට පැමිණ සිටින පුද්ගලයින් මේ වනවිට ඔහු ඉදිරියේ දීම ඔහුගේ වේදිකාවේ සිට ම කරන ප්‍රකාශ දරුණු අපරාධ වෙුවෙන් සූදානම්වීම් පෙන්නුම් කරනබවත් මුසාම්මිල් මහතා මොහිදී පැහැදිලි කළේ ය.

මොහොමඩ් මුසාම්මිල් මහතා මෙසේ ද පැවැසීය.

” සජිත් පේමදාස මහතා ගේ කතා දිහා බලපුවාමත්, ඒ වේදිකාවේ ඉන්න අය දිහා බලපුවාමත් ජනතාවට විශාල පුලක් ඇතිවෙනවා. විශේෂයෙන් ම හිස්, බොළද, විහිළු සහ වෛරීසහගත ප්‍රකාශවලින් අනූන වූ වේදිකාවක් තමයි සජිත් පේමදාස මහත්මයා තනාගෙන තියෙන්නේ.

මේ අය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට කොතරම් වෛර කරනවා ද? ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කෙරෙහි මොනතරම් ද්වේෂසහගත ආකාරයෙන් කටයුතු කරනවාද කියන එක ඉතාම පැහැදිලිව අද සජිත් පේමදාස මහත්මයාගේ වේදිකාවෙන් පෙනෙන් ට තිබෙනවා. මුලින්ම මේ අය උත්සාහ කළේ ගෝඨාභය මහත්මයා ඡන්ද සටනට එන එක වළක්වලා බොරු චෝදනා මත සිරගත කරන්න. ඒ කුමන්ත්‍රණ සියල්ල හෙළිදරව් කරන්නට සුහද ගම්ලත් මහත්මයා හා එෆ්සීඅයිඩී ලොක්කා විසින් කළ ප්‍රකාශ ඉවහල් වෙලා තියෙනවා.

දැන් ගෝඨභය රාජපක්ෂ මහත්මයා මරන්න ඕන කියලා සජිත් පේමදාස මහත්මයාගේ වේදිකාවෙන් ප්‍රකාශ වෙනවා. ඒ වගේ ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙ මිනිස්සුන්ට මත්පැන් පොවන්න ඕන කියලා කතා වෙනවා. එල්ලන්න, මරන්න, මත්පැන් පොවන්න ආදී මේව ද සජිත් පේමදාස මහත්තයා කියපු දසරාජ ධර්ම කියලා අපි අහනවා. හරවත් දෙයක් නොපවසන අපේක්ෂකයෙක් සමග කුමන වාද විවාද ද ?”

සජිත් පේමදාස අපේක්ෂකයා පදනමකින් තොරව විවාදයකට ආරාධනා කිරීම ප්‍රතික්ෂේප කරන බව ද මෙහිදී මොහොමඩ් මුසාමිල් මහතා අවධාරණය කළේ ය.

* සටහන : අකලූෂ විද්‍යාතිලක

වීඩියෝව මෙතැනින් නරඹන්න

 

Post Views: 21
Previous Post

සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ගැන පැෆ්රල් නීතිමඟට

Next Post

මෝටර් වාහන මත පැනවූ සුඛෝපභෝගී බද්ද කුඩා වාහනවලට බලපාන්නේ නෑ

editor

editor

Next Post

මෝටර් වාහන මත පැනවූ සුඛෝපභෝගී බද්ද කුඩා වාහනවලට බලපාන්නේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved