• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වීඩියෝ කරන්න දුන්නු නිදහසින් සමහරු අයුතු ප්‍රයෝජන ගන්නවා

12 November 2024
in දේශීය
වීඩියෝ කරන්න දුන්නු නිදහසින් සමහරු අයුතු ප්‍රයෝජන ගන්නවා

පොලිස් නිලධාරීන්ගේ අනීතික ක්‍රියාවන් වීඩියෝ කිරීමට මහජනතාවට දී ඇති අවසරය අවභාවිත කරමින් අපරාධ, ළමා අපචාර මෙන්ම විවිධ සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් වීඩියෝ කිරීම් වැඩි වශයෙන් වාර්තා වී තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ හේතුවෙන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් විමර්ශනවලට ද බාධා සිදුකරමින් වීඩියෝ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත පසුගියදා නියෝග කර ඇත.

සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටද මේ පිළිබඳ නියෝගය ලබාදී ඇත

පොලිස් නිලධාරීන් විසින් සිදුකරන රාජකාරි මෙන්ම නිලධාරින්ගේ ක්‍රියාකාරකම් වීඩියෝගත කිරීමට මහජනතාවට අවස්ථාව සලසා දෙන ලෙසත් වීඩියෝ කරන පුද්ගලයන්ට දෝෂාරෝපණය කිරීම් නොකොට ඔවුන්ගේ ජංගම දුරකතනද පොලිසිය භාරයට නොගන්නා ලෙසත් දන්වමින් පොලිස්පතිවරයා විසින් නියෝගයක් සිදුකර සිටියේ පසුගිය 30 වැනිදාය.

ඇතැම් නිලධාරින් නීති විරෝධී සදාචාර විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් වීඩියෝ කිරීමට නීතියෙන් ඉඩඇති බවද එම නියෝගය මගින් අවධාරණය කර ඇත.

එහෙත් එම පණිවුඩය සමාජගතවීමෙන් පසුව බොහෝ පිරිස් පවුල් ආරවුල් පවා වීඩියෝ ගතකරන බවත් පොලිස් ස්ථාන තුළ හා පිටත සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීම් මෙන්ම ළමා අපචාර සිදුවීම්වලට අදාළ විමර්ශනද වීඩියෝ ගතකිරීමට පටන්ගෙන ඇති බවත් විශේෂයෙන් පුද්ගලික කාරණාවලට අදාළ විවිධ පැමිණිලි විභාග කරන අවස්ථාවලදීද තැනැත්තන් අගතියට පත්වන ආකාරයෙන් වීඩියෝ ගතකරන බවට නිරීක්ෂණය වී ඇති බවත් වැඩබලන පොලිස්පතිවරයා පසුගිය (06 වැනිදා) පොලිස් ප්‍රධානීන් හා ස්ථානාධිපතිවරුන් වෙත යවන ලද ලිපියේ සඳහන්ව ඇත.

මේ හේතුවෙන් වීඩියෝ ගතකිරීමේ අවස්ථාව අවභාවිත කරමින් ක්‍රියාකරන පුද්ගලයන්ට කරුණු පැහැදිලි කර දී එම ක්‍රියාවන් නවතන ලෙසත් ඊට අවනත නොවන පුද්ගලයන් වේ නම් අධිකරණ වෙත කරුණු වාර්තා කර නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මෙමගින් දැනුම් දී ඇත.

Post Views: 26
Previous Post

අනීතික ෆාමසි ලියාපදිංචිය ගැන පැසසුම්

Next Post

ගුවන් තැපෑලෙන් ආ විදෙස් දුම්වැටි තොගය

Editor TTV News

Editor TTV News

Next Post
ගුවන් තැපෑලෙන් ආ විදෙස් දුම්වැටි තොගය

ගුවන් තැපෑලෙන් ආ විදෙස් දුම්වැටි තොගය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved