• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වේලාවට තීරණ ගන්නේ නැති එකයි රටේ ප්‍රශ්ණවලට හේතුව – ඇමැති රවි

11 August 2019
in දේශීය

දේශපාලඥයෝ නිසි වේලාවට නිවැරදි තීන්දු තීරණ නොගැනීම තමයි රටේ සංවර්ධනයේ ප්‍රමාදයට හේතුව බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ලංකා විදුලිබල මණ්ඩලයීය ස්ථීර සේවක ප්‍රවාහයට අළුතින් එකතුවන ලිපිකරු, රියදුරු සහ කාර්යාල කාර්ය සහායක යන තනතුරු 100 ක් වෙනුවෙන් පත්වීම් ලිපි ලබාදීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය “තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් එනවා. එහිදී එක් එක් පුද්ගලයින් එක් එක් පොරොන්දු දේවි. නමුත් පොරොන්දු දෙන එක නෙමෙයි වැදගත්. ඒ දෙන පොරොන්දු ඉටු කරන්න පුළුවන් කාටද, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තියක් තියෙන්නේ කාටද කියන එකයි වැදගත් වන්නේ. අපි සෑම විටම නිර්භීතව තීන්දු ගතයුතුයි. අද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි නායකත්වයක් ගන්න කෙනෙක් නැතිකම. අපි සෑම විටම එකඑක්කෙනා පස්සේ ගිහින්, හැංගි හැංගි කටයුතු කරනවා මිසක්, සෘජුව තීරණ අරගෙන ගැටළු විසදන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ රට සංවර්ධනය කරන්න නම් පැහැදිළි, සෟජු නායකත්වයක් අවශ්‍යයි, විනයක් අවශ්‍යයි, රටට ආදරයක්, කැපවීමක් අවශ්‍යයි. නිදහස ලැබුණදා පටන් සෑම දෙයක්ම නිකන් දෙන්න සැලසුම් කළා. නමුත් අද වෙනකල් රටේ දුප්පත්කම නැති කරන්න පුළුවන් වුණාද. එදාටත් වඩා අද දුප්පත්කම වැඩිවෙලා. මේ වනවිට සංවර්ධනය වෙලා තිබෙන රටවල් ගැන සලකා බැලුවම අපිට පැහැදිලි වෙනවා, ඒ රටවල් අද දියුණූ වෙලා තිබෙන්නේ ජනතාවට සෑම දේම නිකන් දීලා නොවෙයි කියලා. දෙයක් ජනතාවට නිකන් දෙනවා කියන්නේ, තවත් පාර්ශවයක් විසින් ඒ දේ සදහා ගෙවනවා කියන එකයි. මෙන්න මේ අසමතුලිතතාවය නැති කරනකල් රටක් සංවර්ධනය කරන්න බැහැ” යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලනාධිකාරිය ඇතුළු විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

Post Views: 14
Previous Post

නවින ගිලන් රථ 100 බෙදා දෙයි

Next Post

පොහොට්ටුවේ නායකත්වයට මහින්දට ….. ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

editor

editor

Next Post

පොහොට්ටුවේ නායකත්වයට මහින්දට ..... ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved