• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෛද්‍ය නිල නිවාස ඉදිකිරීම කඩිනමින් – ඇමැති රාජිත කියයි

13 February 2019
in සංවර්ධන

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ නිල නිවාස ඉදිකිරීම ආරම්භ කර මාස 06 කින් ඉදිකිරීම් කටයුතු අවසන් කරන බවයි. වෛද්‍යවරුන්ට අර්ධ සුඛෝපභෝගි නිල නිවසක් හිමි වන බව අමාත්‍යවරයා අනාවරණ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ චීන රජයේ සහන ණය ආධාර යටතේ දිවයිනේ තෝරාගත් රෝහල් 13 ක පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාලව ඒරාවූර් මුලික රෝහලේ සහ සමන්තුරෙයි මුලික රෝහලේ ඉදිකරන වාටටු සංකීර්ණ සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින්.

එරාවූර් මුලික රෝහලේ ඉදිකරන වාට්ටු සංකීර්ණය සදහා රුපියල් මිලියන 234 ක් ද, සමන්තුරෙයි මුලික රෝහලේ ඉදිකරන වාට්ටු සංකීර්ණය සදහා රුපියල් මිලියන 300 ක් ද වැය කිරීමට නියමිතය.
එහිදී අදහස් දැක් වු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ” වෛද්‍යවරුන් සදහා ඉදිකරන නිල නිවාස වසර 15 කට පසු යළි රජයට පවරා ගන්නවා. හෙද සේවයට අවශ්‍ය නිල නිවාස ඉදිකිරීම ද විදේශ ආයෝජනයක් මත ආරම්භ කරනවා. ඒ සදහා අවශ්‍ය මූලික සැළසුම් සකස් කර අවසන්. ඉන් පසු අනෙකුත් සෞඛ්‍ය සේවකයින් සදහා ද නිල නිවාස ඉදිකරනවා. වකුගඩු රෝගීන් වෙනුවෙන් රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර වැඩි කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබෙනවා. 2015 වසරේ දී රජය බලයට පත් වන විට රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 228 ක් තිබූ අතර, 2018 වසර අවසන් වන විට එම සංඛ්‍යාව 500 දක්වා වැඩි වී තිබෙනවා. ජර්මනියෙන් තවත් රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර නොමිලේ ලබාදීමට ද නියමිතයි. එහිදී සේවකයින්ට පුහුණුවක් ද ලබාදෙනවා. 2019 වසර අවසන් වන විට රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 1000 ක් දක්වා වැඩිකිරීම මගේ අරමුණයි. යැයි අමාත්‍යවරයා පැවසිය.

මෙම උත්සව අවස්ථාවන් සදහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අලීසයිර් මවුලානා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චතුර සේනාරත්න, එම්.එම්.අයි මන්සූර්, එම්.එස්.එම් ඉස්මයිල්, ඒරාවූර් නගරාධිපති වාෂිඩ් අලී, රෝහල් අධ්‍යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

Post Views: 4
Previous Post

මුලින්ම අධිවේගි මාර්ගයක් හදන්න තිබුණෙ අගනුවර ඉදලා දෙවෙනි අගනුවරටයි – ඇමැති කිරිඇල්ල

Next Post

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ නීතිමය ප්‍රතිසංස්කරණ කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට භාර දෙයි

editor

editor

Next Post

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ නීතිමය ප්‍රතිසංස්කරණ කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට භාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved