• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වෛද්‍ය සාෆිට ඇප

26 July 2019
in දේශීය

අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබලදීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි හට ඊයේ (25) දින ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඩ් සාෆි හට රුපියල් 250,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 04ක් මත මුදා හරින ලෙස නියෝග කරනු ලැබීය.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් ලියනගේ මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කළේ වන්ද්‍යාකරණ සැත්කම් සිදුව ඇතිද යන්න තහවුරු කර ගැනීම සඳහා සිදු කිරීමට නියමිතව තිබූ එස්.එච්.ජී. පරීක්ෂණ අධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවීම පරීක්ෂණ සඳහා බාධාවක් වී ඇති බවයි.

අදාල පරීක්ෂණ සිදු කිරීමේදී ඇතිවන සංකූලතා සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට කාසල් හා ද සොයිසා රෝහල්වල අධ්‍යක්ෂකවරුන්ට නියෝග කරන්නැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටි අතර ඒ සඳහා අධිකරණයේ අවසර ලැබිණි. එසේම පසුගිය 27 වැනිදා අධිකරණයෙන් පිටතදී ඇතැම් පුද්ගලයන් මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශ ඇතුළත් වීඩියෝ පටවල පිටපත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන්නැයි සිදුකළ ඉල්ලීමට ද අවසර ලැබිණි.

උපුටා ගැනිම – දිනමිණ 

Post Views: 11
Previous Post

රන්ජන්ගේ කතාව ගැන විමර්ශනයට අගමැති ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි

Next Post

මාලිංගගේ වැඩ බලන්න ….. කුලේ එනවා…  

editor

editor

Next Post

මාලිංගගේ වැඩ බලන්න ..... කුලේ එනවා...  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved