27 April 2024
#ක්‍රීඩා

මාලිංගගේ වැඩ බලන්න ….. කුලේ එනවා…  

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරඟය අද (26) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.  මෙරටින් බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගගේ එක්දින තරඟ දිවියේ අවසානය අද දින වීම මෙහි විශේෂත්වයකි. එසේම අද තරඟය ද ඔහුගේ නමින් නම් කර තිබේ.

තමන් කඩුලු ලාභී පන්දුයවන්නෙක් ලෙස සාර්ථක ගමනක් ඒමට අනෙක් අන්තයෙන් පන්දු යැවූ කුලසේකර පිටිවහල් වූ බව මාලිංග කියා සිටියේය. එසේම ඔහු නුවන් කුලසේකරට තමාගේ අවසන් එක්දින තරඟය නැරඹිමට පැමිණෙන ලෙස ඉල්ලීමක් කර සිටියේය.

ඒ අනුව සිය අවසන් එක්දින තරඟයට ක්‍රීඩාකරන තම ක්‍රීඩා සඟයා වූ මාලිංගට සුබ පතන්න 26 වෙනිදා ඛෙත්තාරාම ක්‍රීඩාංගණයට පැමිණෙන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක නුවන් කුලසේකර පවසා සිටියේ තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බව දැනුම්දීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ 26 වෙනිදා පැවැත්වෙන මාලිංගගේ අවසන් එක්දින තරඟය නැරඹීමට තමන් මෙන්ම ඛෙත්තාරාම ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙසයි.

මේ වන විට අද දිනට නියමිත තරඟය අදාළ සියළු ටිකට් පත් අලෙවි වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ වෙනස් වීම් සිදුවනු ඇති බව වාර්තා වේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *