• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රිලනිප හා පොහොට්ටුව එක්වීම නොකෙරෙන දීගයක් – මන්ත්‍රී මරික්කාර් කියයි

17 March 2019
in දේශීය

මේ දිනවල ශ්‍රිලනිප හා පොදුජන පෙරමුණ එකට එක්වීමට පවත්වන සාකච්ඡා සාර්ථක නොවන බවත්, ශ්‍රිලනිපය බලා සිටින්නේ ජනාධිපතිවරණය ඉලක්ක කරගත් යූන්පී පුළුල් සංධානයට එකතු වීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ , කොළොන්නාව ආසනයේ සංවර්ධනය කරන ලද තවත් අතුරු මාර්ග 03 ක් ජනතා අයිතියට පත් කිරිමේ උත්සවයකට එක්වෙමින්ය.

එහිදි මන්ත්‍රීවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයයි පොහොට්ටුවක් එක්වීම කියන්නේ නොකෙරෙන දීගයක්. ඒක කසාද බදිනවා වෙන් වෙනවා, නැවත කසාද බදිනවා වගේ වැඩක්. ඒක වෙන්නේ නැති දෙයක්.මොකද හේතුව පොහොට්ටුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ජනාධිපති අපේක්ෂකයා කරන්න තීරණය කරානම්, මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ඒ පැත්තට එකතු වෙලා වැඩක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක ඉන්න කණ්ඩායමට පොහොට්ටුවත් එක්ක ගිහින් ඊළග පාර පාර්ලිමේන්තු යන්න ලැබෙන්නෙත් නෑ. ඒ නිසා මේ අය ඉන්න අපේ යූන්පී පුළුල් සංධානය හැදෙනකම් අවසාන මොහොතේදී.ඒක හැදුනාට පස්සේ ගෝඨාභය රාපක්ෂ මහත්තයා විතරක් නෙමෙයි ඕනම කෙනෙක් එක්ක දිනන්න පුළුවන් අපේක්ෂකයාව දාලා අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවා. අනෙක පොහොට්ටුව අවශ්‍ය පරිදි ජුනි මාසේ පාර්ලිමේන්තුව විසුරුවන්නත් ,ඒවාට අත උස්සන්නවත් අපි පසුපෙළ මන්ත්‍රීවරු හැටියට සූදානම් නෑ . ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න අපි කිසිසේත්ම එකග නෑ. මොකද හේතුව ජනාධිපතිවරණයේදී තමයි එක්සත් ජාතික පක්ෂ කදවුර එකම කදවුරක් ලෙස සමගි සම්පන්නව එකතු වෙන්නේ. ඒනිසා ඒ මැතිවරණය අපි ජයග්‍රහණය කරලා එසැනින් ඒ රැල්ල පිටින් යන මහ මැතිවරණයකට ගිහින් තනි යූන්පී ආණ්ඩුවක් හැදීම තමයි අපේ බලාපොරොත්තුව, යැයි පැවසීය

Post Views: 83
Previous Post

TTVnews කරන අපේ බුවා ළගඳීම

Next Post

හෝටල් සහ ආපන ශාලා සදහා නව නීති රීති ඇමැති රාජිත කියයි

editor

editor

Next Post

හෝටල් සහ ආපන ශාලා සදහා නව නීති රීති ඇමැති රාජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved