• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාව වැඩපිළිවෙලට නෝර්වේ රාජ්‍යයෙන් පුර්ණ සහාය

5 October 2018
in දේශීය

සාමය හා සංහිදියාව ස්ථාපිත කරලීමේ අසීරු කාර්යභාරය සාර්ථක කර ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකාව මුළු මහත් ලෝකයටම ආදර්ශයක් සපයමින් සිටින බව නෝර්වේ විදේශ ඇමතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ (Ms. Ine Eriksen Søreide) මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ඊයේ (04) පස්වරුවේ ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ නිල නිවස්නයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ලාංකේය දූත පිරිස හමුවූ අවස්ථාවේදිය.

එස්ඔරෙයිදේ මහත්මිය වැඩිදුරටත් පැවසූයේ ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියා වැඩ පිළිවෙල සඳහා නෝර්වේ රාජ්‍ය පූර්ණ සහය ලබා දෙන බව ය.

ශ්‍රී ලංකාව සහ නෝර්වේ රාජ්‍ය අතර ආර්ථික හා දේශපාලන සබඳතා ශක්තිමත් කරලීමේ සැලසුම් හා උපාය මාර්ග පිළිබඳව ද, මෙතෙක් දෙරට අතර පැවති ආධාර දීම හා ආධාර ලබාදීමේ සංකල්පයෙන් ඔබ්බට මේ සබඳතාවන් ගෙන යා යුතු බව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රයත්නය පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි. සාගර ආශ්‍රිත රටවල් අයත් වන විවිධ සංවිධානය අතර සහයෝගයක් හා ඒකමිතියක් ඇති කරලීමේ අවශ්‍යතාව පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැණිනි.

ධීවර සම්පත් සංවර්ධනය හා ධීවර කර්මාන්තයේ උන්නතිය සඳහා නව තාක්‍ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් දෙරටට ගත හැකි සාමූහික ක්‍රියා මාර්ග පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත පොලිස් හා අපරාධ යුක්තිය පිළිබඳ විශ්ව විද්‍යාලය සඳහා තාක්‍ෂණික සහයෝගය ලබා දීමට ද නෝර්වේ රාජ්‍යය එකඟ විය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ, කාවින්ද ජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ නොර්වේ හි ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය අරූෂා කුරේ යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වූහ.

 

Post Views: 10
Previous Post

අපරාධකරුවන්ට ඉතිරිව ඇත්තේ මාර්ග දෙකක් බව පොලිසිය කියයි

Next Post

තීරණාත්මකයි !… මොන අමාරුකම් තිබ්බත් ජනතාව අමතක කරන්නේ නෑ …- ඇමැති කිරිඇල්ල

editor

editor

Next Post

තීරණාත්මකයි !... මොන අමාරුකම් තිබ්බත් ජනතාව අමතක කරන්නේ නෑ ...- ඇමැති කිරිඇල්ල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved