27 April 2024
#දේශීය

අපරාධකරුවන්ට ඉතිරිව ඇත්තේ මාර්ග දෙකක් බව පොලිසිය කියයි

විදේශ ගතව සිටින අපරාධකරුවන්ට ඉතිරිව ඇත්තේ මාර්ග දෙකක් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේ එම විදේශ ගතව සිටින අපරාධකරුවන් නඒ රටවල සිගමන් යැදීම හෝ ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයේ පවතින නඩු විභාග වලට පෙනී සිටිම ඔවුන්ට ඉතිරිව ඇති මාර්ග දෙක බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ අද (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

විදේශ ගතව සිටින අපරාධකරුවන්ගේ ගෝලයින් 75% ක් පමණ මේ වන විට අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව ගුණසේකර මහතා කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *