• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා අගය කරනවා – මාලදිවයින් විදේශ අමාත්‍ය ෂාහිඩ් කියයි

7 December 2019
in දේශීය

සමාජ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් මාලදිවයින සමඟ ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ පවත්වාගෙන යන හවුල්කාරිත්වය තම රටේ ඇගයීමට ලක් වන බව මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් පවසයි.

ඒ මහතා පසුගිය බ්‍රහස්පතින්දා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරටදි හමු වු අවස්ථාවේදී කියා සිටියේ මෙම සහයෝගිතාවය තුළින් මුල්බැසගත් මිත්‍රත්වය පිළිබිඹු වන බවත්, එමඟින් දෙරට අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ හොඳ හිත ප්‍රාණවත් වන බවයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක යෙදී සිටින මාලදිවයින් විදේශ අමාත්‍යවරයා, පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීය.

කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවති රැස්වීමේ දී අමාත්‍ය ෂාහිඩ් මහතා වෙළඳ හා ආර්ථික, සංචාරක, තරුණ කටයුතු සංවර්ධනය, සමාජ ආරක්ෂණ, සංස්කෘතික කටයුතු, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ධාරිතා සංවර්ධනය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව නියැලී සිටින කටයුතු පිළිබඳව සිය ප්‍රශංසාව පුද කළේය.

මෙම සාකච්ඡාවේදී අමාත්‍ය ගුණවර්ධන මහතා කියා සිටියේ ද්විපාර්ශ්වික, කලාපීය හා ජාත්‍යන්තර සංසදවල දෙරට අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ අතර, මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා මාලදිවයින පොදුරාජ්‍ය මණ්ඩලයට නැවත ඇතුළත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැක්වූ සාමග්‍රිය සහ ශ්‍රී ලංකාව ලබාදුන් ශක්තිමත් සහයට අමතරව ශ්‍රී ලංකාව දැරූ එවැනි ඒකාබද්ධ ප්‍රයත්නයන් පිළිබඳව සතුට පළ කළේය.

සංස්කෘතික, ආර්ථික, වෙළඳ, ආයෝජන සහ ආරක්ෂක ක්ෂේත්‍රයන්හි දෙරට අතර කැපී පෙනෙන ද්විපාර්ශ්වික ගිවිසුම්වලට කඩිනමින් එළඹීමට ද අමාත්‍යවරු දෙපළ මෙහි දී එකඟ වූහ.

ශ්‍රී ලංකා – මාලදිවයින් ඒකාබද්ධ කොමිෂන් සභාව 2020 පළමු කාර්තුවේ දී කැඳවීමට අමාත්‍යවරු දෙදෙනා එකඟ වූහ. දෙරට අතර ආර්ථික සහයෝගීතාව සහ වෙළඳාම, ධීවර කටයුතු, අධ්‍යාපනය, සෞඛ්‍ය, සේවා නියුක්තිය, සංචාරක හා සංස්කෘතික සහයෝගීතාව යන අංශ මෙම කොමිෂන් සභාව මඟින් ආවරණය කෙරේ.

මාලදිවයිනේ සංචාරයක නියැලෙන ලෙස මෙහි පැමිණ සිටින අමාත්‍යවරයා විසින් අමාත්‍ය ගුණවර්ධන මහතා වෙත කළ ආරාධනය එතුමා විසින් පිළිගන්නා ලදී.

තානාපති ඕමාර් අබ්දුල් රසාක් මහතා සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කදීජා නජීහා මහත්මිය මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා සමඟ මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ එක් වූහ.

දිලිනි සමන්මලි 

 

 

 

Post Views: 13
Previous Post

වසර 35 කට පසු ලෝක විවාහක රෑ රැජින කිරුළ ශ්‍රී ලංකාවට

Next Post

වැසි තත්ත්වය තවදුරටත්.. අවධානයෙන් සිටින්නැයි දන්වයි

editor

editor

Next Post

වැසි තත්ත්වය තවදුරටත්.. අවධානයෙන් සිටින්නැයි දන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved