• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නව සිව්මහල් ගබඩා සංකීර්ණය විවෘත කෙරේ

6 August 2018
in සංවර්ධන

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ අලූතින් ඉදිකරන ලද සිව්මහල් ගබඩා සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (06) පෙරවරුවේ විවෘත කෙරිණි. ආයුර්වේද ඖෂධ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන හරහා මිලට ගනු ලබන වියළි ඖෂධ සහ නිෂ්පාදිත ඖෂධ ගබඩා කිරීම සදහා මෙම නව ගබඩා සංකීර්ණය ඉදිකර තිබේ.

සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් අරබයා දේශීය වෛද්‍ය විද්‍යාවේ අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් ජාතික හා ජාත්‍යන්තර ඖෂධ අවශ්‍යතා උසස් ප්‍රමිතියෙන් යුතුව සපුරාලන පුරෝගාමි ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ක්‍රියාත්මක වේ.

2015 ජනවාරියෙන් පසුව ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය නව ක්ෂේත්‍ර වෙත යොමුකරමින් ශාකසාර ආයුර්වේද නිෂ්පාදන සහ ශාඛසාර රූපලාවන්‍ය නිෂ්පාදනයට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව පියවර තබන ලදී.

එයින් ආයුර්වේද ඖෂධ කෙරෙහි නව වෙළෙදපොළක් විවර වූ අතර, මේ වන විට ආනයනික රූපලාවන්‍ය නිෂ්පාදන වෙත තරගයක් දෙමින් ඉහළ වෙළෙද පොළක් දිනාගැනීමට මෙම ආයුර්වේද ශාඛසාර නිෂ්පාදන සමත් වී තිබේ.

2014 වසරේ රුපියල් මිලියන 270 ක්ව තිබූ ආයුර්වේද ඖෂධවල නිෂ්පාදන පිරිවැය 2017 වසරේදී රුපියල් මිලියන 343 දක්වා ඉහළ නංවා ගැනීමට ද නිෂ්පාදන අලෙවි ආදායම 2014 වසරේ තිබූ රුපියල් මිලියන 340, 2017 වසරේදී රුපියල් මිලියන 501 දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවූයේ මෙම නව පියවර නිසාය.

සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා නව ගබඩා සංකීර්ණය විවෘත කරනු ලැබීය.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ලද නව ඖෂධ වර්ග 07 ක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.

අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි්‍රය යන මහත්වරුන් ද, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ මහතා ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 22
Previous Post

අප්‍රසන්න තැනක් මට දුන්නේ – ඇමැති තලතා

Next Post

2050 දී කාලගුණය නිසා ලංකාවට මොකද වෙන්නේ ?

editor

editor

Next Post

2050 දී කාලගුණය නිසා ලංකාවට මොකද වෙන්නේ ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved