• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංචාරක ව්‍යාපාර නැංවීමට සැමට සහන ලබා දෙන බව අගමැති කියයි

30 May 2019
in දේශීය

මහා පරිමාණ හෝටල්වලට පමණක් නොව, කුඩා සංචාරක ව්‍යාපාර ස්ථානවලට වගේම ඊට සම්බන්ධ අනෙකුත් අංශවලටත් සහන ලබාදීමට සහ උදව් උපකාර කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) ආණ්ඩුව ඉදිරියට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දීය.

රටේ සංවර්ධන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළත්, ඒ සියලූ සියලූ උත්සාහයන් පරාජය කොට සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට සියලූ පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් පියවර ගත යුතු බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” ඇතැම් ව්‍යාපාරිකයන්ට තම ණය ගෙවීම පිළිබඳව ගැටලූ ඇති වූ නිසා ඒ අයට කෙටි කාලීන සහන ලබා දෙන ලෙස බැංකුවලින් අප ඉල්ලා සිටියා. පාස්කු ප්‍රහාරය හේතුවෙන් අපේ අපනයන අඩු වී නොමැති අතර නිෂ්පාදන අංශ ගණනාවක් සිය කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යනවා. පාස්කු ප්‍රහාරය නිසා විශාල බලපෑමක් ඇති වූ අංශ පිළිබඳව අප අවධානය යොමු කර තිබෙනවා. මේ ප්‍රහාරයෙන් විශාල බලපෑමක් සිදු වී තිබෙන්නේ සංචාරක ව්‍යාපාරයටයි. පාස්කු ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අවදානම් බවට සඳහන් කරමින් විදෙස් රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා තිබුණා. නමුත් මේ වන විට ඉන්දියාව, චීනය, ස්විට්සර්ලන්තය වැනි රටවල් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කොට තිබෙනවා. තවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී අනුගමනය කළ යුතු පියවර කිහිපයක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ තහනම ඉවත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් තවත් රටවල් කිහිපයක් පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
ලබන අගෝස්තු මාසය වන විට ඉන්දියාව, චීනය සහ යුරෝපය ඇතුලූ රටවලින් සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක කළා.
මහා පරිමාණ හෝටල්වලට පමණක් නොව, කුඩා සංචාරක ව්‍යාපාර ස්ථානවලට වගේම ඊට සම්බන්ධ අනෙකුත් අංශවලටත් සහන ලබාදීමට සහ උදව් උපකාර කිරීමට අප කටයුතු කරනවා. සංචාරක ක්ෂේත්‍රයේ නිරත සියලූ දෙනාගේ ණය වෙනුවෙන් සහන ලබාදීමට ද ඒ අනුව කටයුතු කරනවා. මේ දැන් ජර්මනියෙන් විශේෂ පණිවුඩයක් ලැබී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ජර්මනිය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීම පිළිබඳවයි. ඒ අනුව මේ වන විට චීනය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය සහ ජර්මනිය පනවා තිබූ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ තහනම ඉවත් කර තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ තවත් බොහෝ රටවල් සංඛ්‍යාවක් මෙම තහනම ඉවත් කරනු ඇති බවට කිසිඳු සැකයක් නැහැ.

Post Views: 13
Previous Post

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට යළිත් සෞඛ්‍ය ඇමැතිට

Next Post

විල්පත්තුවට යලි පණ දෙන ” රිස්ට්බරි සමඟ තුරුලිය වෙනුවෙන් අපි “

editor

editor

Next Post

විල්පත්තුවට යලි පණ දෙන " රිස්ට්බරි සමඟ තුරුලිය වෙනුවෙන් අපි "

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved