27 April 2024
#වෙනත්

විල්පත්තුවට යලි පණ දෙන ” රිස්ට්බරි සමඟ තුරුලිය වෙනුවෙන් අපි “

ජාතික සමාජ සත්කාරක සේවාවේ තවත් එක් කැපී පෙනෙන සත්කාරයක් ලෙස විල්පත්තුව යලි නාගා සිටු වීම සඳහා රිට්ස්බරි දිගුකාලීනව තම පුර්ණ අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

මෙම මෙහෙවර සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ලැබුණු ආරාධනය රිට්ස්බරි සමාගමට ගෙන දෙන්නේ නිහතමානි ආඩම්බරයක් බවද එම සමාගම පවසයි.

මෙම වැඩපිළිවෙලේ “රිට්ස්බරි සමඟ තුරුලිය වෙනුවෙන් අපි” දෙවන අදියර පසුගිය 18 වෙනිදා යුද හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට පාසල් ළමුන් 2000ට අධික පිරිසක් සහභාගී විය. හරිත ලෝකය ගොඩ නගන පාඩමේ කොටස්කරුවන් ලෙස පාසල් දරුවන් දැනුවත් කිරීමට ලැබීම ද රිට්ස්බරි ආයතනය මෙහිදී ලැබූ තවත් ජයග්‍රහණයකි.

කාලාන්තරයක් තිස්සේ විල්පත්තු වන සම්පතට සහ එහි ජීවත් වුනු වන සතුන්ට සිදු වූ හානිය ඛේදනීය ගැටළුවක් වූ නමුත් ඒ සඳහා පිළියම් යෙදීමට අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව නිර්භතව ඉදිරිපත් වීම ඉතා ප්‍රශංසනීය බව රිට්ස්බරි සමාගම පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *