• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් වෙනුවෙන් උපදේශක කමිටුවක් 

5 January 2021
in සංවර්ධන

සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවන්ගේ ගැටළුවලට විසදුම් ලබාදීමට උපදේශක කමිටුවක් පත් කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ, ඔවුන්ගේ ගැටළු පිළිබද සාකච්ජා කිරීමේ අරමුණින් සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජාවක් ඊයේ (04) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැති අවස්ථාවේදිය.

කර්මාන්ත ක්ෂේත්‍ර වලට අදාළව කර්මාන්තකරුවන්ගේ ගැටළු වලට විසදුම් ලබා දීමත්, එම කර්මාන්ත සදහා සහය ලබාදෙමින් කර්මාන්ත ක්ෂේත්‍ර නගා සිටුවීමත් අරමුණු කර ගනිමින් කර්මාන්ත ක්ෂේත්‍ර 20ක් උදෙසා උපදේශක කමිටු පිහිටුවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය සදහාත් උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීමට මෙම සාකච්ජාව පැවැත්වූ බව අමාත්‍යවරයා පැමිණ සිටි නිෂ්පාදකයින් අමතා කියා සිටියේය. ඔවුන් නියෝජනය වන සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි මෙම උපදේශක කමිටුව පත් කිරීමට නියමිතය.

සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටළු පිළිබදව නිෂ්පාදකයින් මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලදි. සම් පදම් කිරීම සදහා අවශ්‍ය පහසුකම් අවම වීම, ලෙදර් සහ සම් ආනයනය කිරීමේදී පැන නගින ගැටළු, හම පදම් කිරීමට අදාළ අමුද්‍රව්‍ය සදහා පනවා ඇති බදු, ලෙදර් ආනයනයේදී පනවා ඇති බදු ඇතුළු ක්ෂේත්‍රයට අදාළ ගැටළු පිළිබද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කෙරිණි. එම ගැටළු විසදීම සදහා අවශ්‍ය යෝජනා ඇතුලත්ව කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් සකසන ලෙස මෙහිදී අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ඇගළුම් පර්යේෂණ ආයතනය එක්ව සම් හා ලෙදර් නිෂ්පාදන ආශ්‍රිත පුහුණු පාඨමාලා සහ උපාධි ලබා දෙමින් සේවකයින් පුහුණු කිරීම සිදුකරන ලෙස කර්මාන්තකරුවෝ ඉල්ලා සිටි අතර අදාළ ආයතන ඒ වෙනුවෙන් ඉදිරියේදී පාඨමාලා සැකසීමට සුදානමින් සිටින බව ප්‍රකාශ කරන කළේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් එස්.එල් නසීර්, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරින්, ඇගළුම් පර්යේෂණ ආයතනයේ නිලධාරින් සහ සම්, සම් භාණ්ඩ, සහ ලෙදර් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ කර්මාන්තකරුවෝ පිරිසක් ද එක්ව සිටිය හ.

Post Views: 14
Previous Post

1980 දී යාපනෙන් ටොරන්ටෝවට ආ දැවැන්ත ව්‍යාපාරිකයා

Next Post

රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙති

editor

editor

Next Post

රතන හිමියෝ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved