• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමෘද්ධි නිලධාරීන්ට ස්ථීර පත්වීම් … දිළිඳුබව තුරන් කරන බව ජනපති පවසයි

20 February 2020
in සංවර්ධන

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ 22 වන ජාතික මහා සම්මේලනය අමතමිනි.

එම සම්මේලනය “සමෘද්ධි, කෘෂි අයිතීන් තහවුරු වන පොදු ජන යුගයක්” මැයෙන් එය සංවිධාන කර තිබිණ.

මෙම සම්මේලනයේදී සමෘද්ධි සහ කෘෂි නිලධාරීන් 176 දෙනෙකුට ස්ථීර පත්වීම් ප්‍රදානය කරනු ලැබීය. පසුගිය වසර පහේදී ස්ථීර පත්වීම් නොලද සමෘද්ධි නවක පත්වීම්ලාභීන් ස්ථීර කිරීමේ වැඩපිළිවෙළ යටතේ පත්විම් ප්‍රදානය කෙරිණ.

අපේ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 15ක් බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද සඳහා වැය කරන්නේ මහජන මුදල් වන අතර එය විධිමත් අයුරින් රාජ්‍ය ආදායම මහා භාණ්ඩාගාරයට ලැබෙන්නේනම් සියලු අංශවල වරප්‍රසාද සහ අයිතීන් සහතික කරන්න පුළුවන් බව ජනාධිපතිවරයා කියා සිටියේය. එසේම රජයක් ලෙස සියලු රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් දීනා දීමට සූදානම් අතර රාජ්‍ය සේවකයන් සිය වගකීම රට වෙනුවෙන් ඉටු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජන ජීවිතය පහසුකිරීමේ ප්‍රයත්නයට හවුල්වීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක් වන අතර සිය දැනුම ඝෘජුවම රාජ්‍ය පාලනයට සම්බන්ධ කර ගනිමින් ජනතාවගේ ජීවන තත්ත්වය සහ රටේ ආර්ථිකය දියුණු කළ හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

කෘෂි ක්ෂේත්‍රයේ දෙවන පරපුරක් බිහි නොවීම ගැටලුවක්. යටිතල පහසුකම් සංවර්ධනය නොවීම සහ නිසි වෙළෙඳ ‍පොළක් නොතිබීම, වෙ‍ළෙඳපොළ ඒකාධිකාරිය හා පවතින පහසුකම් නිසි අයුරින් කළමනාකරණය නොවීම ඊට බලපා තිබෙනවා. ක්ෂේත්‍රයේ ගැටලුවලට විසදුම් දෙමින් කෘෂිකර්මාන්තය නගා සිටුවීම කඩිනම් කළ යුතු යැයි ජනාධිපතිවරයා පැහැදිළි කළේය.

විවිධ නීති රීති සහ තහංචි නිසා ජනතාව පීඩාවට පත්ව සිටිති. එවැනි නීති ලිහිල් කරමින් ජන ජීවිතය පහසු කිරීම රාජ්‍ය සේවකයන්ගේ වගකීම යැයි ද ජනාධිපතිවරයා පැවසීය.

පසුගිය රජයේ වැරදි හෝ අතපසුවීම් වර්තමාන රජයේ නිදහසට හේතුවක් කර නොගන්නා අතර අදුරදර්ශී පාලනය නිසා රටට මුහුණදීමට සිදුව ඇති සියලු අභියෝග ජය ගැනීමට සුදානම් බවත් සියලු රාජ්‍ය සේවකයන්ගේ ශක්තිය ඒ සඳහා රජයට අවශ්‍ය බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එස්. මහානාම, අශෝක අලවත්ත අමාත්‍යාංශ ලේකම්වරු , සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්, සමෘධි මහා සංගමයේ ලේකම් ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ සාමාජිකයෝ හමුවට එක්ව සිටියහ.

 

දිලිනි සමන්මලි 

Post Views: 18
Previous Post

මීගමුව නගර සංවර්ධනයට රුපියල් මිලියන 2078 ක් වෙන් කරයි

Next Post

හමුදාපතිට තියන චෝදනා දන්නේ නෑ – අගමැති මහින්ද නිවේදනය කරයි !

editor

editor

Next Post

හමුදාපතිට තියන චෝදනා දන්නේ නෑ - අගමැති මහින්ද නිවේදනය කරයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved