• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මීගමුව නගර සංවර්ධනයට රුපියල් මිලියන 2078 ක් වෙන් කරයි

20 February 2020
in දේශීය

මීගමුව ග්‍රාමීය සංවර්ධනය සහ ප්‍රමුඛ පෙලේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් මිලියන 2078 ක මුදලක් වෙන් කර ඇති බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ (19) දින මීගමුව තලාහේන ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.

සපිරි ගමක් සුපිරි රටක් වැඩසටහන යටතේ මීගමුව මහ නගර සීමාවේ ග්‍රාම සේවා වසම් තිස් නවයක මාර්ග සංවර්ධනය ඇතුළු සංවර්ධන කටයුතු සිදු කිරීම සදහා එක් ග්‍රාම සේවා වසමකට රුපියල් ලක්ෂ 20 බැගින් රුපියල් මිලියන 78 ක මුදලක් මේ වන විට වෙන් කර තිබෙන බව ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා කියා සිටියේය.

මීගමුව ඉහළ පෙළේ ප්‍රමුඛතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා ආසියානු සංවර්ධන බැංකු මුල්‍ය ආධාර යටතේ රුපියල් මිලියන 2000 ක මුදලක් වෙන් කර ඇති බවත් ඒ අනුව මීගමුව කොච්චිකඩේ වෙළදපොළ සංවර්ධනය, මීගමුව කොටුව ක්‍රීඩාංගනය සංවර්ධනය, මීගමුව දලුපොත ඇල සහ දෙපා ඇල සංවර්ධනය, කඩොල්කැලේ ක්‍රීඩාංගනය සංවර්ධනය, කාමච්චෝඩේ මාළු වෙළදපොල සංවර්ධනය ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් මේ සදහා අයත් බව හෙමෙ පැවසිය.

මීගමුව ප්‍රදේශය ශ්‍රී ලංකාවේ සංවර්ධිත නගරයක් බවට ඉදිරි වසර පහක කාලය තුළ පත්කරන බවත් එමගින් සංචාරක කලාපයක් ලෙස වඩාත් ආකර්ෂණීය ප්‍රදේශයක් බවත් පත් කිරීම තුළින් රටේ ජාතික ආර්ථිකය මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වයද ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බව නිමල් ලාන්සා මහතා අවධාරණය කළේය.

 

 

දිලිනි සමන්මලි 

Post Views: 41
Previous Post

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නීත්‍යානුකූල නොවන තීරණයක් මත පවුල් 400 ක් මහ මගට

Next Post

සමෘද්ධි නිලධාරීන්ට ස්ථීර පත්වීම් … දිළිඳුබව තුරන් කරන බව ජනපති පවසයි

editor

editor

Next Post

සමෘද්ධි නිලධාරීන්ට ස්ථීර පත්වීම් ... දිළිඳුබව තුරන් කරන බව ජනපති පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved