• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සම නායකත්වය ඉල්ලා කොන්දේසි දාන්න එන්න එපා : පොහොට්ටුව ශ්‍රිලනිපයට රතු එළි දල්වයි !

3 February 2020
in විශේෂාංග

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යෝජිත සන්ධානයේ සම නායකත්වය ලබාදීම සම්බන්ධව පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ බරපතල විරෝධයක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

 කාංචන විජේසේකර , රොෂාන් රණසිංහ , ෂෙහාන් සේමසිංහ ඇතුළු තරුණ ක්‍රියාකාරී ඇමතිවරුන්  රැසක් සිටින බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා පසුගිය සමයේ අවස්ථා ගණනාවක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විවේචනය කරමින් අදහස් දක්වා තිබිණ.

මේ වන විට රොෂාන් රණසිංහ අමාත්‍යවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණ නායකත්වය ගෙන කටයුතු කරන අතර ඒ හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එලැඹෙන මහ මැතිවරණයට තරග කළහොත් දිස්ත්‍රික් නායකත්වය කාටද යන්න සම්බන්ධව අමාත්‍යවරයාගේ පාර්ශවය උනන්දුවෙන් සිටින බවත් දැනගන්නට ඇත.

ෂෙහාන් සහ කාංචනගේ ප්‍රහාරය !

මේ අතර ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වැදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවන නව සන්ධානයේ සම නායකත්වය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට ලබාදීමට කිසිසේත්ම එකඟ නොවන  බව අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මාධ්‍ය වෙත පවසා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එවන් යෝජනාවකට එකගතාවය පළ කර නොමැති  බවද රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ එහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.

මාතර,  කඩවැද්දූව ප‍්‍රදේශයේ ඊයේ (1දා) පැවති ජන හමුවකදි අදහස් දක්වමින් කාංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා ද මෙසේ අදහස් දක්වා තිබේ.

“ආණ්ඩුව අපි පිහිටුවලා තිබුණට පාර්ලිමේන්තුවේ බලය අපිට නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අණපනත් පාර්ලිමේන්තුවට ගෙන එන්න බැහැ.

ඊළඟ මැතිවරණයෙන් පස්සේ සජිත් මහත්තයට විපක්ෂනායක කමවත් රනිල් මහත්තයා දෙන්නෙ නැහැ . අවසානයේ ජාතික ලයිස්තුවෙන් එන්න හැඳුවොත් ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයත් අහිමි කරනවා.

දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක සන්ධානගත වෙලා තරග කරනවාද නැද්ද කියලා විවිධ අදහස් පළවෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්ද දාහතර ලක්ෂයක් තියෙනවා කියලා දයාසිරි ජයසේකර මහත්තයා කියනවා.

දාහතර ලක්ෂයක් ජන්ද තියෙන කියලා බලන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කරන්න ඕන කැමති ලකුණකින් . අපි කැමතියි සන්ධාගතවෙලා මැතිවරණය කරන්න ඒක අපිට ගැටලුවක් නැහැ.

හැබැයි කොන්දේසි වලට අපි යටත් වෙන්න සුදානම් නැහැ. අපි අමාරුවෙන් මෙි ගමන ආවේ. අවුරුදු හතරහාමාරක් කැපවෙචිච මිනිස්සු ඉන්නවා ඒ අය ආරක්ෂා කරගන්න ඕන.”

Post Views: 9
Previous Post

කොරෝනා වෛරසය වැළැක්වීමට අත්සේදීම ඇතිද ? මුහුණු ආවරණ එපාද ? ජනතාව අසයි !

Next Post

ජනපති ගෝඨා දේශපාලන සංස්කෘතිය අලුත් වෙනස් ඇති කරන බව ඇමැති නිමල් කියයි 

editor

editor

Next Post

ජනපති ගෝඨා දේශපාලන සංස්කෘතිය අලුත් වෙනස් ඇති කරන බව ඇමැති නිමල් කියයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved