• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සහරාන් හෂීම්ලාට මේ රට නැවතත් අතීතයට යවන්න ඉඩ දෙන්නේ නෑ – ඇමැති පාඨලි

3 May 2019
in දේශීය

ආගමික අන්තවාදීන්ට රට නැවතත් අතීතයට, මධ්‍යතන යුගයට ඇදගෙන යන්න ඉඩ නොදෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික මග මහජන ව්‍යාපාරය මගින් සංවිධානය කළ ‘රට රකින – රට හදන’ තේමාව යටතේ රට තුළ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කෙරෙන විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” ඒ වගේම අපි මේ කුමන්ත‍්‍රණ කතා, මේක පිටුපස රජයේ අසුවල් කුමන්ත‍්‍රණය තිබෙනවා කියලා සතුරා හඳුනාගැනීමෙන් වලක්වාලීමට කරන විවිධ ක්‍රියාදාමයන් තිබෙනවා. කොටින්ම සතුරාට බුර්කාව පළන්දවලා වෙන සතුරෝ පෙන්වන ක්‍රියාදාමයෙන් අපි අයින් වෙලා සතුරා හරියට අපි හඳුනාගත යුතුයි. ඔහුට වෙස්මුහුණු පැළඳවීමට ඉඩදිය යුතු නැහැ. ඒ වගේම විවිධ දර්ශන, සමාජ දේශපාලන විග‍්‍රහ කරලා මේ ප‍්‍රශ්ණය යට ගහන්න හොඳ නැහැ, සුදු හුණු ගාන්න හොඳ නැහැ මේ ත‍්‍රස්තවාදීන්ට. ඒ නිසා අපි හිතනවා මේ ත‍්‍රස්තවාදියා හඳුනා ගැනීමත් එහි තිබෙන සමාජ බලවේග හඳුනා ගැනීමත්, ඒ වගේම ඒ සඳහා කි‍්‍රයාකාරීව කටයුතු කිරීමටත් අපි ඉදිරිපත් කර තිබෙනවා මේ විද්වත් පිරිසත් සමග සාකච්ඡා කරලා විධිමත් වැඩපිළිවෙලක්. සියළු දෙනා එකට එකතු වෙලා කි‍්‍රයාත්මක කරන්න මේකට යෝජනා ප‍්‍රති යෝජනා ඕනේ කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් ලබන 12 වෙනිදාට ඒ පිළිබඳව විවෘත සාකච්ඡාවක් කරන්න ඒ වගේම රටපුරා පළල් මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න අපි කටයුතු කරනවා.

සහරාන් හෂීම්ලාට මේ රට නැවතත් අතීතයට, මධ්‍යතන යුගයට ඇදගෙන යන්ට ඉඩ දෙන්න බැහැ. ඒ නිසා අපි ජීවිත පරිත්‍යාගයෙන් උනත් මේකට ඉදිරිපත් වෙනවා. මොකද අපේ දරුවන්ට හොඳ රටක් හදන්න. අපි මේ රටෙන් පැනලා යන්නේ නැහැ. විදේශ රටවල පුරවැසිකම් ගන්න යන්නේ නැහැ. මොකද අපි මේ රට හදාගන්න ඕනේ. අපේ මුළු ජිවිත කාලයේ අපි දැක්කේ ලේ. අපි දැක්කේ අනාථභාවය. අපි දැක්කේ පලායාම. ඒක අපේ දරුවන්ට ලබාදෙන්න අපි කටයුතු කළ යුතු නැහැ. ඒ නිසා තමයි අපි මේකට කැපවෙලා ඉන්නේ කියන එක අපි නැවත අවධාරණය කරනවා අපේ දේශපාලනය කවරක් උනත්. ඒ වගේම රටේ සියළු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රටෙන් පැනලා යාම නෙමෙයි විසඳුම. අපි මේකට දෙපයින් නැගී සිටලා අධිෂ්ඨානයෙන් කටයුතු කරලා, සියළු දෙනාම සමගියෙන් කටයුතු කරමු. විශේෂයෙන්ම අපේ මුස්ලිම් ප‍්‍රජාවගෙන් අපි ඉල්ලනවා. සාතිශ්‍ය බහුතර ප‍්‍රමානයක් ඉන්නේ සාමකාමී අහිංසක පිරිස. හැබැයි ඔබ නිෂ්කී‍්‍රය උනොත් අපි සියළු දෙනාම අමාරුවේ වැටෙනවා. සක‍්‍රීයව ඉදිරියට ඇවිල්ලා මේ ත‍්‍රස්තවාදීන් සයින්දමරුදුවලදී හෙළිදරව් කරලා දුන්නා වගේ හැම තැනකදීම ආරක්‍ෂක අංශවලට ඒ තොරතුරු ලබාදෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ වගේම සියළුම ප‍්‍රජාවගෙන් අපි නැවත වතාවක් සාමකාමීව අපේ ආරක්‍ෂක අංශවලට මෙය මර්ධනය කිරීමට ඉඩ දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම දේශපාලනමය වශයෙන් බෙදීම්, දෝෂාරෝපණ ඒ වගේම කම්මැලිකම් එක්ක රටට තවදුරටත් ගමනක් නැහැ. සකි‍්‍රයව අපි සියළු දෙනාම මේ ගමන ගිහින් මේ අපේ දරුවන්ට හොඳ රටක් උදා කරමු යැයි පැවසීය.

 

 

Post Views: 20
Previous Post

කිරිඇල්ල ජනපතිගෙන් බැංකු දෙකක් ඉල්ලයි .. නොදුන් නිසා …. ‍(update)

Next Post

ත්‍රස්තවාදය පෝෂණය නොකල යුතුයි – මුනීර් මුනාෆර් මවුලවිතුමා කියයි

editor

editor

Next Post

ත්‍රස්තවාදය පෝෂණය නොකල යුතුයි - මුනීර් මුනාෆර් මවුලවිතුමා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved