• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෑම ගොවියෙකුටම නොමිලයේ පොහොර ලබා දෙන්න වැඩපිළිවෙලක්

9 January 2019
in දේශීය

රටේ සෑම පුද්ගලයෙකුම ගොවියෙකු ලෙස රටේ නිෂ්පාදනයට දායක කර ගැනීම බවත්, එලෙසින්ම සෑම ගොවියෙකුටම නොමිලයේ පොහොර ලබා දීමට අවශ්‍ය වැඩ පිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලග්ගල නව හරිත නගරයේ ඉදිකළ ගොවිජන සේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරමින්.

ජනාධිපතිවරයාගේ පස්වන ජනපති පදවි ප්‍රාප්තියට සමගාමීව මෙම ලග්ගල ගොවිජන මධ්‍යස්ථානය විවෘත කිරීම සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” මම අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කළා ගොවියාගේ පොහොර ටික නොමිලයේම ලබා දීමට මැදිහත් වෙන්න කියලා.සතයක්වත් අයකරන්නේ නැතිව.එහෙම කළොත් ගොවියාගේ අදායම වැඩි වෙන ගමන් ගොවිතැනටත් පෙළඹීමට යොමු වීම වැඩි වේවි. ඒ වගේම මාතලේ, කුරුණෑගල ,පුත්තලම ඉතාමත් හොඳින් බී ලූනු වගාව සිදු කරගෙන යනවා.හැබැයි අස්වැන්න නෙලන කාලයට පිටරටින් බී ලූනු ආනයනය කරනවා.එහෙම වුණාම ගොවියාට අසාධාරණයක් වෙනවා.බී ලූනු , අර්තාපල් , මුං ඇට, උඳු ආනයනය කිරීමේදී කොන්දේසි පනවන්න ක්‍රමවේදයක් සකස් කරන්න කියලා මම අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නා. මට අවශ්‍ය රටේ ගොවියාව සුරක්ෂිත කරන්න.ඒ වගේම ගොවියාට අවශ්‍ය බීජ බී ලූනු වගේම අනෙකුත් බීජ නොමිලයේම ලබා දීමටත් කටයුතු කළ යුතුය.රජයක් ලෙස අපි ඉන්දියාව වැනි රටවල් සමඟ දැන් සාකච්ඡා කරනවා සහන මිලට බීජ ලබා ගන්න.

අපි කියනවා අපි කෘෂිකාර්මික රටක් කියලා.නමුත් ඒක සැබෑවක්ද කියලා අපිට ප්‍රශ්නයක් තියනවා.රටේ සෑම පුද්ගලයෙකුම ගොවියෙකු බවට පත් කරන්න බෑ.නමුත් කුමන රැකියාවක නිරත වෙලා හිටියත් තමන්ට ඇති ඉඩම්වල ප්‍රමාණය අනුව වස විසෙන් තොරව තමන්ට අවශ්‍ය එළවළු ටික නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් හොදයි කියලා මට හිතෙනවා.

ඒ වගේම සමහර කෘෂි පර්යේෂණ නිලධාරීන් ඉන්නවා ගොවියන්ගේ පොහොර ටික බෙදලා දෙන්න බැරි.අපි වෙනුවෙන් මහ පොළොව එක්ක හැපිලා ගොවියන් කරන රාජකාරිය බලන්න.ඒ අයට නිසි වේලාවට පොහොරටික බෙදලා දෙන්න බැරි නම් ඒක අපි කරන පාපයක් හැටියට මම දකිනවා.අපිට නිසි වේලාවට වැටුප ලැබෙනවා නම් ඒ අයට අවශ්‍ය වෙලාවට පොහොර ටික බෙදලා අපේ යුතුකම ඉටු කරන්න බැරි නම් ඒක අපරාධයක් ලෙස මම දකිනවා.

ගොවියන් කියන්නේ අහිංසක මිනිස්සුපිරිසක්.රටේ දේශීය නිෂ්පාදනයට ඔවුන් දායක වෙනවා.රටේ මිනිස්සු ගෙවන බදු මුදලින් අපිට මාසයකට පඩියක් ලැබෙනවා.මම බෞද්ධයෙකු ලෙස විශ්වාස කරනවා රාජ්‍ය සේවයට කැප නොවෙනවා නම් ඔවුන්ට අත්වෙන ඉරණම කාලය තීරණය කරයි. ඒ වගේම සමහර ව්‍යාපාරිකයින් දැන් ලෑස්ති වෙලා ඉන්නවා කුණු කොල්ලයට වී ටික ගන්න.

Post Views: 20
Previous Post

තැපැල් දෙපාර්තමේන්තුව එක්ව ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගමෙන් අලුත් වැඩක්

Next Post

මරණ දණ්ඩනය නියමු වු රැඳවියන් 1299 ක් අභියාචනා ඉදිරිපත් කෙරේ

editor

editor

Next Post

මරණ දණ්ඩනය නියමු වු රැඳවියන් 1299 ක් අභියාචනා ඉදිරිපත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved