• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුරාබදු නීති සංශෝධනය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට – ජනපති

14 July 2019
in දේශීය

මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මේ වන විට ගෙන යන පුළුල් වැඩපිළිවෙළ කාර්යක්ෂම කළ හැකි අන්දමින් සහ ඊට ගැළපෙන අයුරින් සුරාබදු නීති ද සංශෝධනය කර ලබන සතිය වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

දිවයින පුරා අවුරුදු 18ට අඩු දරුවන් එක් ලක්ෂ පහළොස්දහසකට ආසන්න පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව මේ වන විට අනාවරණය කරගෙන තිබෙන අතර, ඔවුන් පුනරුත්ථාපනය වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය වෙත උපදෙස් දී තිබේ.

මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ජාතික ඖෂධ පාලක මණ්ඩලය සහ පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙම සමීක්ෂණ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ වයස අවුරුදු 18ට අඩු දරුවන් 6,100ක් හෙරොයින් විෂ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා ඇබ්බැහි වී ඇති බවයි.

මේ අතර දිවයින පුරා පුද්ගලයන් ලක්ෂයකට ආසන්න පිරිසක් දිනකයට හොරොයින් මත්ද්‍රව්‍ය සොයා යන බව ද මෙම සමීක්ෂණය මගින් සොයා ගෙන තිබේ. එම පිරිස අතුරින් 1,500ක් පමණ කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 85,000කට ආසන්න වේ. තවද ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ගංජා භාවිතා කරන බවට මෙම සමීක්ෂණයේ දී අනාවරණය වී ඇත. ඒ අතර කාන්තාවන් 1,500ක් සිටී.

ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ සිදු කළ විශේෂ මෙහෙයුම්වල දී ඉකුත් මාස 06 තුළ විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවෝ 40,846ක් අත්අඩංගුවට ගනිමින් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය කි.ග්‍රෑම් 3500 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර හෙරොයින් කිලෝ ග්‍රෑම් 1029 ග්‍රෑම් 997 මිලි ග්‍රෑම් 170ක ප්‍රමාණයක් සමග සැකකරුවන් 20309ක් අත්අඩංගුවට ගෙන ඇත. ගංජා කිලෝ ග්‍රෑම් 2378 ග්‍රෑම් 950 මිලි ග්‍රෑම් 381 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති පිරිස 20015 කි.

මෙම අත්අඩංගුවට ගැනීම් තවදුරටත් පුළුල් කරමින් දෛනිකව පවතින ඉල්ලුම අවම කර ඊට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය වෙනුවෙන් ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක ය. ඒ වෙනුවෙන් විශේෂ අන්තර් පාලන ඒකකයක් ද ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පිහිටුවීමට කටයුතු කර ඇත.

ඒ අතරතුර රට තුළට මත්ද්‍රව්‍ය ගෙන එන සියලු මාර්ග පිළිබඳව ද විශේෂ මෙහෙයුම් දියත් කර තිබේ. මේ අතර මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මේ වන විට ගෙන යන පුළුල් වැඩපිළිවෙළ කාර්යක්ෂම කළ හැකි අන්දමින් සහ ඊට ගැළපෙන අයුරින් සුරාබදු නීති ද සංශෝධනය කර ලබන සතිය වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

සුරාබදු රෙගුලාසී කඩකරන සුරාබදු බලපත් හිමියන්ට එරෙහි නීති දැඩි කිරීමට ද ජනාධිපතිවරයා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත උපදෙස් නිකුත් කර ඇත.

පළාත් වශයෙන් විෂ මත්ද්‍රව්‍ය සඳහා වැඩිම පිරිසක් ඇබ්බැහි වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව සොයා ගෙන තිබෙන අතර, දකුණ, වයඹ, මධ්‍යම සහ උතුරු පළාතෙන් ද විශාල ප්‍රමාණයක් වාර්තා වෙයි. එම පළාත් ආශ්‍රිතව විශේෂ පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, මීට අමතරව සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳ දැනුවත් කිරීම් පාසල්, දහම් පාසල්, වැඩබිම් සහ ස්වේච්ඡා සංවිධාන ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කරමින් පවතී.

 

Post Views: 18
Previous Post

බුද්ධි අංශ ගැන කිඹුල් කඳුළු සලන අය ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

Next Post

ජයග්‍රාහකයින් හතලිහක් මෙවර සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ත්‍යාග පිරිනමයි

editor

editor

Next Post

ජයග්‍රාහකයින් හතලිහක් මෙවර සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ත්‍යාග පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved