27 April 2024
#ව්‍යාපාර

ජයග්‍රාහකයින් හතලිහක් මෙවර සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ත්‍යාග පිරිනමයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකරන ජයග්‍රාහකයින් සදහා චෙක්පත් ප්‍රදානය පසුගිය 11 වනදා සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණ. එහිදී සංවර්ධන වාසනාව 252 වන වාරයේ සුපිරි ජයමල්ල රු.1,79,30,104 ක මුදල දිනාගත් එල්.එන්.ඩී. පෙරේරා මහත්මියට අදාළ චෙක්පත පිරිනැමූ අතර එම ලොතරැයිපත අලෙවි කළ හාල්දඩුවන ආර්.කේ.ටී. නිශාන්ත මහතාටද චෙක්පතක් සමගින් සහතික පත්‍රයක් පිරිනමනු ලැබිය.

ලග්න වාසනාව 2535 වන වාරයේ සුපිරි ජයමල්ල රු.54,46,930 ක මුදල දිනාගත් වෙන්නප්පුව ප්‍රදේශයේ ඩබ්.බී. ප්‍රනාන්දු මහතාට ,ලග්න වාසනාව 2538 වන වාරයේ සුපිරි ජයමල්ල රු.22,60,658 ක මුදල දිනාගත් බලංගොඩ ප්‍රදේශයේ ආර්.කදිරේෂන් මහතාට සහ ලග්න වාසනාව 2555 වන වාරයේ සුපිරි ජයමල්ල රු.39,90,846 ක මුදල දිනාගත් එන්.ඒ.එස්.කේ.අබේරත්න මහත්මියට අදාළ චෙක්පත් පිරිනැමීමද එදින සිදුවිය.

තවද දස ලක්ෂයේ මුදල් ත්‍යාග දිනූ ජයග්‍රාහකයින් 37 දෙනෙක් සදහාද චෙක්පත් ප්‍රදානය සිදුකළ අතර මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩංගොඩ මහතා ඇතුළු පිරිස සහභාගී විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *