• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සූර්ය, සුළං මෙන්ම යෝජිත වායු බලාගාර පිළිබදව කොරියානු රජයේ විශේෂ අවධානය

23 January 2019
in සංවර්ධන

සූර්ය, සුළං මෙන්ම යෝජිත වායු බලාගාර පිළිබදව කොරියානු රජයේ විශේෂ අවධානය යොමු වී ඇති අතර දෙරට අතර තාක්ෂණික ඥානය හුවමාරු කිරීමේ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කොරියානු රජයේ තානාපති Heon Lee මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සිදු කර තිබේ.

ඊයේ (22) පස්වරුවේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය. මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවී තිබිම පිළිබදව කොරියානු තානාපතිවරයාගේ විශේෂ අවධානයට යොමු වූ අතර මේ සම්බන්ධයෙන් සිය රටේද යම් පෙළඹවීමක් ඇති කිරීම ආර්ථික මෙන්ම පාරිසරික අතින්ද යහපත් ක්‍රියාමාර්ගයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව කොරියානු තානාපතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාව තුළ විදුලිය උත්පාදනය කිරීමේ සාම්ප්‍රදායික මෙන්ම ප්‍රධානතම මූලාශ්‍රය ජලය බවත්, එමගින් අවම මිලක් යටතේ පරිසර හානියක් නොමැතිව විදුලි පාරිභෝගික ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදිය හැකි නමුත්, පවතින ජල මූලාශ්‍ර සියල්ලම පාහේ මේ වනවිටත් විදුලි උත්පාදන කාර්යය සදහා යොදාගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒ අනුව දෛනිකව වර්ධනය වන විදුලි ඉල්ලුම සපුරාලීම පිණිස ඉන්ධන, ගල් අගුරු වැනි මූලාශ්‍ර වෙත යොමු වුවද, ඒ සම්බන්ධව පවතින මිල ගණන් හා වෙනත් ගැටලු සහගත තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය සූර්ය බලය, සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවූ බවද කොරියානු තානාපතිවරයාට පැහැදිළි කළේය.

මේ වනවිට සූර්යබල සංග්‍රාමය තුළින් ශ්‍රී ලංකාව තුළ දීපව්‍යාප්තව නිවාස පියසි සූර්යබලාගාර බවට පත්වී ඇති බවද, ඒ තුළින් අවම මිලක් යටතේ පාරිභෝගිකයාට විදුලිය ලබාගත හැකිවී ඇති අතරම නිෂ්පාදිත අතිරික්තය ජාතික පද්ධතියට එක්කිරීම මගින් ආර්ථිකමය ප්‍රථිලාභයන්ද හිමිකර ගැනීමට විදුලි පාරිභෝගිකයාට හැකිවී ඇති බව අමාත්‍ය කරුණානායක මහතා පැහැදිළි කළේය. ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට යෝජිත වායු බලාගාර පිළිබදවද අමාත්‍ය කරුණානායක මහතා තානාපතිවරයාට කරුණු පැහැදිළි කළේය.

ශ්‍රී ලංකාව විදුලි නිෂ්පාදනය සහ විදුලිබල සැපයුම තුළින් වඩාත් ප්‍රශස්ත මට්ටමක පවතින බවත්, තවදුරටත් විදුලිබල ක්ශේත්‍රය වර්ධනය කිරීම පිණිස අවශ්‍ය සහයෝගය ලබාදීමට කොරියානු රජය වෙනුවෙන් තමා එකගවන බවත් පැවසීය. එසේම විදුලිබල ක්ෂේත්‍රය තුළින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබදව දැනුවත් කරල සිය රට තුළද එම න්‍යායන් අත්හදා බැලීම සදහා ඉදිරියේදී අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමටද තමා කොරියානු රජයේ අදාළ අංශ සමග සාකච්ඡා පැවැත්වීමට අදහස් කරන බවද තානාපතිවරයා, අමාත්‍ය කරුණානායක මහතාට පැවසීය.

 

Post Views: 28
Previous Post

මටත් අල්ලස් දෙන්න හදනවා – ඇමැති හරීන්

Next Post

‘‘ශිල්ප සුරක්ෂා’’ නමින් නව රක්ෂණාවරණයක්

editor

editor

Next Post

‘‘ශිල්ප සුරක්ෂා’’ නමින් නව රක්ෂණාවරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved