• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි ලබා දෙයි

15 March 2019
in දේශීය

සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් හට වන්දි පිරිනැමීම අද (15) කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ” මීට කලින් අම්පාර දිස්ත්‍රික්කයේ සේනා දළඹුවා වෙනුවෙන් වන්දි ගෙවීම පටන් ගත්තා.අපි ලක්ෂ 1600ක් අම්පාර දිස්ත්‍රික්කයට වන්දි ලබා දුන්නා.තව තියෙනවා. ඒ වගේ ගෙවන්න මොනරාගල දිස්ත්‍රික්කයේ අනුරාධපුර වගේම තව උතුරේ දිස්ත්‍රික්ක කිහිපයක්. ඒ වගේම කුරුණෑගල ආදී දිස්ත්‍රික්ක කිහිපයකට මේ මුදල ගෙවන්න තියෙනවා. සේනා දළඹුවාගේ හානිය කෘෂි රක්ෂණ මණ්ඩලයට ගෙවන්න නීත්‍යනුකූලව අයිතියක් තිබුණේ නෑ. සාමාන්‍යයෙන් කෘෂි රක්ෂණ මණ්ඩලය වන්දි ගෙවන්නේ ගොයම් සහ බඩඉරිඟු ඇතුළු තවත් බෝග වර්ග 7කට ස්වභාවික හානියක් වෙච්ච අවස්ථාවක තමයි වන්දි ගෙවන්න තීන්දු කරලා තියෙන්නේ. ගංවතුරෙන් නියඟයෙන් වගා හානි වුණොත්. හැබැයි මේ දළඹුවාගේ හානිය ආපු මුල් කාලයේ ඉඳන් රට පුරාම අපේ මාධ්‍ය වලින් ලොකු ප්‍රචාරයක් ලබා දුන්නා. මේ සේනා දළඹුවාගේ හානිය ගැන මට මතකයි මේ ප්‍රශ්නේ ඇතිවුණු වෙලාවේ සමහරු මේ බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන් ගිනි තියලා විනාශ කරන්න කිව්වා. ඒ දළඹුවාගේ හානිය ගොයමට එනවා කිව්වා. ගොයමටත් ගිනි තියන්න ඕනේ කිව්වා. අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෝ කිව්වා සිංහරාජෙටත් සේනා ඇවිල්ලා කියලා. එහෙනම් සිංහරාජෙත් කොනක ඉදන් ගිනි තියන්න වෙනවා.

දළඹුවා නිසා සමහර දේශපාලඥයෝ පිම්බෙන්න හැදුවා. මං දැක්කා පාර්ලිමේන්තුවේ දළඹුවයි සලබයයි හඳුනගන්න බැරුව කතා කෙරුවා. දැන් අපේ හැම එකකටම බහුශ්‍රැතයා විදියට ඉන්න විමල් වීරවංශ සහෝදරයාගේ මුළු ඇඟ පුරාම මොළය. දැන් එතුමා මගෙන් අහනවා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක්. සේනා දළඹුවා කොහොමද ඉන්දියාවේ ඉදන් පියාඹන්නේ කියලා. දළඹුවා කියන්නේ පණුවෙක්. සලබයයි දළඹුවයි අඳුනගන්න විමල් වීරවංශ මහත්තයාට බැරිවෙලා තියෙනවා. ඒ අය බැලුවා දලඹුවා පිටින් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න. විෂයභාර අමාත්‍යවරයා විදිහට මාවත් අල්ලගෙන මේ දළඹුවාගේ හානිය ගැන ලොකුවට කිව්වා. මේ ප්‍රශ්නයේදී මාධ්‍ය ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ නිසා අපි සියලු මාධ්‍ය ආයතනවලට ස්තූති කරන්න ඕනේ
තඹුත්තේගම අක්කර 139ක් සේනා දළඹුවාගෙන් හානිය කියලා දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරියා වාර්තාවක් හදලා තියෙනවා. හැබැයි අන්තිමේදී පරීක්ෂා කරලා බලනකොට අක්කර38යි හානිය. 101ක් නෑ. ඉතින් මේ වගේ නිලධාරින් තවත් පස් දෙනෙක් හිටියා නම් අනුරාධපුරයට දෙයියන්ගේ පිහිටයි. ඒ ගැන වහාම පරීක්ෂණයක් කරන්න ඕන. රජයේ මුදල් වැරදි විදිහට තමතමන්ගේ හිතවතුන්ට බෙදලා දෙන්න බොහොම අක්‍රමවත් විදිහට වැඩ කරන්න බෑ. රජයේ නිලධාරින් විදිහට සාධාරණ වෙන්න ඕනේ. යැයි අමාත්‍යවරයා පැවසිය.

පීඩාවට පත් පූර්ණ හානි සිදුවූ අනුරාධපුර ගොවීන් 132ක් සඳහා මෙහිදී වන්දි ලබාදුන් අතර, හානි වූ එක් අක්කරයක් සඳහා රජය විසින් රුපියල් 40,000ක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙනුවෙන් රජය රුපියල් ලක්ෂ 540ක් වැය කරනු ලබයි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා,කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සුමිත් වර්ණකුලසූරිය මහතා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.

 

Post Views: 25
Previous Post

තමන්ගේ දරුවාට කිරි විදුරුවක් දෙනවාද වස විදුරුවක් දෙනවාද? (Video)

Next Post

කෙන්යා – ශ්‍රී ලංකා සබදතා නව ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමට එකඟතා

editor

editor

Next Post

කෙන්යා - ශ්‍රී ලංකා සබදතා නව ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමට එකඟතා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved