• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරනවා – ජනපති

26 July 2020
in දේශීය

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දුන් පොරොන්දු නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු බලය සහ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සහය දෙන්නැයි ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (26) කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින්.

අපේක්ෂක ටී.බී. ඒකනායක මහතා මහව සති පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා ප්‍රදේශයේ ජනතාව මුහුණ පාන ප්‍රධාන ගැටළුවක් වන වන අලි තර්ජනයට ස්ථිර විසදුමක් දීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. මහව මංසන්ධියේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, සංස්කෘතික චතුරශ්‍රයේ ඉදිකිරීම්, ඉඩම් සහ ජල ප්‍රශ්න පිළිබඳව ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ.

ඉඩම් පැවරීමේ දී නිසි ලෙස මැණුම් සිදු නොකිරීම සහ ඔප්පු නොලැබීම පිළිබඳව ගම්මාන රැසකදී ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කළහ. විධිමත් විමර්ශනයක් සඳහා කමිටුවක් පත් කර ඊට විසඳුම් දෙන බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ගොවි ජනතාවගේ පහසුව උදෙසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කරන්නැයි ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.

අපේක්ෂක දයාසිරි ජයසේකර මහතා හෙට්ටිපොළ මහජන ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට ද ජනාධිපතිවරයා සහභාගි විය.

නිලධාරීන්ගේ නොසැළකිල්ල නිසා අස්වැද්දීමට නොහැකිව ඇති කටුපොත, හේනේගම අක්කර 400ක පමණ කුඹුරු වගාවට යොදා ගැනිමට අවස්ථාව සලසන්නැයි ජනතාව ජනාධිපතිවරයා කියා සිටියහ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අවස්ථාවන්ට සහභාගී විය.

 

 

 

Post Views: 10
Previous Post

රට විරුවන්ට සුබ පුවතක් – ගෙන්වා ගැනීමේ මෙහෙයුම් සූදානම්

Next Post

විදුලිය නොමැති පවුල්වලට මහමැතිවරණයෙන් පසු නොමිලේ සුර්ය බල විදුලි කට්ටල ලබා දෙනවා – ඇමැති අමරවීර

editor

editor

Next Post

විදුලිය නොමැති පවුල්වලට මහමැතිවරණයෙන් පසු නොමිලේ සුර්ය බල විදුලි කට්ටල ලබා දෙනවා - ඇමැති අමරවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved