• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හම්බන්තොට වරාය විකිණීමට අඩිතාලම දැම්මේ රාජපක්ෂලා බව ඇමැති අර්ජුන කියයි

4 November 2019
in දේශීය

හම්බන්තොට වරාය විකිණීමේ මූලික අඩිතාලම සකස් කළේ රාජපක්ෂලා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යයවරයා මේ බව පැවසුවේ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එල්ල කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ‘’මං දැක්කා ඊයේ මහින්ද මහත්තයා කෑගහනවා සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බන්තොට වරාය විකුණන වෙලේ වචනයක්වත් කීවේ නැහැලු, හම්බන්තොට වරාය විකුණන්න හදන වෙලේ මම තමයි වරාය අමාත්‍යවරයා වශයෙන් හිටියේ. එවෙලේ ගිවිසුමක් ගහලා තිබුණේ මහින්ද මහත්තයලාගේ ආණ්ඩුවෙන්. හැබැයි මම විශාල උත්සහයක් කෙරෙව්වා මේක වෙනස්කරලා අපිට වාසිදායක තත්වයක් ඇති කරන්න. නමුත් මට ඒක කරන්න ලැබුණේ නැහැ. මාව ඇමතිකමෙන් අයින් කළා. ඒකට කමක් නැහැ. මොකද මම මේ රටට නරක වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. හැබැයි අපිට තිබුණා හම්බන්තොට වරාය ගැන පාර්ලිමේන්තුවේ විවාදයක්. ඔය රාජපක්ෂලා එකකෙනක්වත් ඇවිල්ලා ඒකට විරැද්ධව කතා කළේ නැහැ. දැන් ඔය කෑ ගහන රාජපක්ෂලා තමයි හම්බන්තොට විකුණන එකේ මූලික අඩිතාලම දාලා තිබ්බේ. එගොල්ලන්ට චීනය එක්ක විශාල සමබන්ධකම් තියෙනවා. මොකද මම චීනයට ගිය වෙලේ ඒක දැක්කා. සමාන්‍යයෙන් චීනය වගේ රටක අපේ කාගෙවත් පින්තූර ගහන්නේ නැහැ. මහින්ද මහත්තයාගේ පින්තූරය ගහලා තියෙනවා ඔය චීන සමාගමේ. ඉතිං ඒගොල්ලන්ගේ සම්බන්ධකම් ඔබට හිතා ගන්න පුළුවන් නේ….’’යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

 

දිලිනි සමන්මලි 

Post Views: 15
Previous Post

ජනාධිපති වී පැය 72 කදී පොලිස් නිලධාරින්ගේ දීමනා ප්‍රශ්ණය විසදනවා – ජනපති අපේක්ෂක සජිත්

Next Post

නව අධිකරණයක්… ! ශ්‍රීලනිප අය දැන් ප්‍රාණ ඇපයට හසු වෙලා – ඇමති පාඨලි

editor

editor

Next Post

නව අධිකරණයක්... ! ශ්‍රීලනිප අය දැන් ප්‍රාණ ඇපයට හසු වෙලා - ඇමති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved