• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හර්ෂ ද සිල්වා ගේ පුත්‍රයාත් බැඳුම්කර ගනුදෙනුවේ…

10 February 2020
in ව්‍යාපාර

මේවනවිට ප්‍රශ්නගත බැඳුම්කරයේ වෝහාරික වාර්තාව කරලියට පැමිණීමත් සමඟ ම මින් පෙර ඊට සම්බන්ධව අසන්නට හෝ දකින්න ට නොලැබුණු නම් ගම් රැසක් කරලිය ට පැමිණීමත් සිදුවෙමින් පවතී. විශේෂයෙන් ම මීට පෙර අවස්ථාවන්හි දී මෙම ගනුදෙනුවල දී දූෂිතයින් ලෙස හංවඩු ගැසෙමින් සිටි කිහිපදෙනෙක් ට සිය වස්ත්‍ර පිරිසිදු කරගැනීමේ අවස්ථාව ද මේ මගින් උදා කොට තිබේ.

අද වනවිට, මේ ගනුදෙනු සම්බන්ධයෙන් දැනගන්නට ලැබෙන අලුත් ම තත්ත්වයන් ට අනුව, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී හර්ෂ ද සිල්වා ගේ පුත්‍රයාගේ නම ද 2005 සිට ම මෙම ගනුදෙනුවලට සම්බන්ධ බවට දැනගන්නට ලැබීම විශේෂත්වයකි.

තුන්වන පාර්ශවයක් වෙත මෙම බැඳුම්කර අලෙවියේ දී මැදිහත්වූ කැපිටල් එලායන්ස් නම් ආයතනයේ විධායක නිලධාරියෙක් ලෙස සේවය කරනුයේ අජිත් ප්‍රනාන්දු ය. ඔවුන් හා මෙවන් ආයතන විසින් අභ්‍යන්තර ගනුදෙනු වෙනුවෙන් යොදවන පුද්ගලයින් අතර සිටින ඩිනක ද සිල්වා නමැත්තා ද මෙම ගනුදෙනුවල ට 2005 සිට (2015-2016 ඍජුව) මැදිහත් ව සිටින බව දැන් පැහැදිලි වෙමින් පවතී. ඩිනක ද සිල්වා යනු හර්ෂ ද සිල්වා හිටපු එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයාගේ පුත්‍රයා ය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ, හර්ෂ ද සිල්වා ඇමතිවරයා 2015 න් පසු මෙම අර්බුදය ඇතිකරන අවස්ථාවේ මහ බැංකුව සහ එම විශයය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා වීමයි.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ පුත්‍රයා වන ඩිනක ද සිල්වා ට අමතරව, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් ට ඉතා සමීපව කටයුතු කළ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වූ ප්‍රසන්න ජයවර්ධනගේ පුත්‍රයා ද මෙම ගනුදෙනුවල දී ඉහළ මැදිහත්වීමක් සිදුකර ඇති බව ද අපගේ ආරංචි මාර්ග පවසයි. (ප්‍රසන්න ජයවර්ධන විනිසුරුවරයා පසුගිය දා අභාවප්‍රාප්ත වී ය.)

කෙසේ වෙතත්, හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ පුත්‍රයා වන ඩිනක ද සිල්වා, මේ වනවිට මහ බැංකුව සමඟ ගනුදෙනුවල ට ඍජුව සම්බන්ධ වන සමාගම් කිහිපයක ධුර දරන බවත් වාර්තා වෙයි. ඒ අනුව ඔහු මේ දක්වා ම මෙම ගනුදෙනුවල ට දායකත්වය දක්වා ඇති බවත් කියයි.

මේ අනුව අපගේ අදහස වන්නේ, මෙම ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවලට අදාලව වැදගත් තොරතුරු රැසක් මෙන් ම වැරදිකරුවන් ට දඬුවම් පැමිණවීමේ දී වඩාත් වැදගත් තොරතුරු මූලාශ්‍රයන් රැසක් මේ අනුව විපක්ෂය ට හෙළිකරගැනීම ට මේ මගින් අවස්ථාවක් ද උදා වී ඇති බවයි. එමෙන්ම ප්‍රශ්නකාරී වන්නේ, හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කිසිසේත් ම මෙහි අභ්‍යන්තර තොරතුරු නොදැන සිටින ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම ය. කෙසේ වෙතත්, මේ අනුව සරලව පෙනී යන කාරණය වන්නේ, හර්ෂ ද සිල්වා හිටපු ඇමතිවරයාගෙන් මේ සම්බන්ධව බොහෝ තොරතුරු සොයාගැනීමේ අවස්ථා විවරකර ගැනීමයි.

වරදකරුවන් කවරෙක් වුව ද යුක්තිය හා සාධාරණත්වය ඉටුකරන්නට කැප වූ බව ප්‍රකට කරමින් සිටින ජනාධිපතිවරයෙක් යටතේ වගකිවයුතු විපක්ෂයක් ලෙස, එක්සත් ජාතික පක්ෂය ට මේ මගින් ස්වර්ණමය අවස්ථාවක් ද උදාවී ඇති බව අප සමඟ අදහස් දැක් වූ එහි සිටින අපගේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරු පැවැසීය.

Written By : Janith Vipulaguna

Post Views: 11
Previous Post

ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයක්

Next Post

සජිත්ගේ සන්ධානයට ගැලපෙන ලකුණ රෝහිත කියයි

editor

editor

Next Post

සජිත්ගේ සන්ධානයට ගැලපෙන ලකුණ රෝහිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved