27 April 2024
#දේශීය

සජිත්ගේ සන්ධානයට ගැලපෙන ලකුණ රෝහිත කියයි

එක්සත් ජාතික පක්ෂයේ අර්බුධය මේ වන විට භායානක මට්ටමට පැමිණ ඇති බවත් එය චුලෝදර මහෝදර වැනි සටනක් බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (10) පොදු ජන පෙරමුණ පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එක්සත් ජාතික පක්ෂයේ අයට සන්ධානයට එන තෙක් බාලගිරි දෝෂය වගේ හැම වේලාවේම ඒ ගැන බලා සිටින බව රෝහිත මන්ත්‍රීවරයා කියා සිටියේය.

එසේම මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ පිරිස් අසරණ වී ඇති බව හෙතෙම කියා සිටියේය. රෝහිත මන්ත්‍රීවරයා කියා සිටියේ පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් වශයෙන් මෙම ගැටළුවට එජාපයට නමක් සහ ලකුණක් තමා යෝජනා කරන බවයි.

ඒ අනුව ලකුණ කොකා ලෙසත් පක්ෂයේ නම එක්සත් ජාතික රට විනාශ කරන පක්ෂය ලෙස යැයි රෝහිත මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

දිලිනි සමන්මලි 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *