• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හිතෙන වෙලාවට එක් වෙන්නයි ගලවන්නයි බෑ – ඇමැති දුමින්ද

23 October 2018
in සංවර්ධන

මේ රටේ ජනතාව අපිට බලය දීලා තියෙන්නේ ජාතික ආණ්ඩුවක් තුළ මේ රටේ අනාගතය ශක්තිමත් කරන්න මිසක් හිතෙන හිතෙන වෙලාට එකතු වෙන්නයි, ගැලවෙන්නයි නොවෙයි යැයි ශ්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ තඹුත්තේගම, ඉපිල්වත්ත මාර්ගය හරහා බෝක්කුවක් ඉදි කිරීමේ කටයුතු සමාරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “අපි මේ සේරම තේරුම් අරගෙන ප්‍රධාන පක්ෂ දෙකම එකට එකතු වෙලා ආණ්ඩුවක් කරන්නේ රට හදන්න මිසක් වෙන දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.අර වෛරී දේශපාලනය නවත්තලා, ගහ-බැණ ගත්ත දේශපාලනය නවත්තලා, පළිගත්ත යුගය නවත්තලා, දැන් අපිට ඕනකම තියෙන්නේ ගම සමගි කරන්න, මේ රට දියුණු කරන්න, ගම දියුණු කරන්න තමයි අපිට උවමනාව තියෙන්නේ, හැබැයි සමහරු මේකත් දකිනවා වැරදි විදිහට.සමහරු බලය ලබා ගැනීමේ වුවමනාවෙන් මේක විවේචනය කරනවා.සමහරුන්ට නැතිවුණ බලය නැවත වතාවක් ලබා ගන්න උසිගන්වනවා, පා ගමන් යනවා, දැන් ලඟදී ඉඳන් ආයේ සභාග රජයවල් ගැනත් කියනවා.හැබැයි මේ රටේ ජනතාව අපිට බලය දීලා තියෙන්නේ ජාතික ආණ්ඩුවක් තුළ මේ රටේ අනාගතය ශක්තිමත් කරන්න මිසක් හිතෙන හිතෙන වෙලාට එකතු වෙන්නයි, ගැලවෙන්නයි නෙමෙයි.මේ පක්ෂ දෙකට මේ අවුරුදු 05 තුළ මේ රට හදන්න කියන වගකීමයි ජනතාව ලබා දුන්නේ.ඒ නිසා ඒ වගකීමෙන් බැහැර වෙන්න අපිට පුළුවන්කමක් නෑ.ඒ වගකීමෙන් අපිට ඈත් වෙන්න පුළුවන්කමක් නෑ.ඒ නිසා තමයි අපි මේ ජාතික ආණ්ඩුවක් විදිහට වැඩ කරලා, අපේ රට හදන්න, ගම හදන්න මේ වැඩ ටික කරන්නේ.හැබැයි මේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා යනකොට පොඩි පොඩි ප්‍රශ්නත් සිද්ධ වෙනවා.හරියට ගෑණියි- මිනිහයයි වගේ, පවුලක් ගත්තත් ගෑණියි -මිනිහයි හැමදාම හිනා වෙලා ඉන්නේ නෑනේ, සමහර දවස් වලට පොඩි පොඩි අලකලංචි වෙනවා, ඒ වගේ තමයි ප්‍රධාන පක්ෂ දෙකක් එකතු වුණාම අපි සමහර වෙලාවට ඒ ගොල්ලන්ගේ මතයේ නෑ, ඒ ගොල්ල සමහර වෙලාවට අපේ මතයේ නෑ.හැබැයි ඒ තුළ තමයි හොඳම තීන්දුවක් එන්නේ. යම් රණ්ඩුවක් වෙලා හරි, අදහස් ගැටිලා හරි තමයි හරිම තීන්දුවක් එන්නේ.ඒ නිසා සමහරු හිතනවා පොඩි ප්‍රශ්නයක් ඇති වුණාම, හිනා වුණේ නැති වුණාම, පොඩ්ඩක් එරෙව්වම, උත්සවයකට ගියේ නැති වුණාම හිතනවා දැන් ආණ්ඩුව ඉවරයි කියලා.නෑ ආණ්ඩුව ඉවර වෙන්නේ නෑ, අපිට රටේ ජනතාවගේ බලාපොරොත්තුවත් එක්ක, ජනතාව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ගැන තැබූ විශ්වාසයත් එක්ක මේ ආණ්ඩුව ශක්තිමත්ව ඉස්සරහට ගිහින් ජනතාවට අවශ්‍යය සංවර්ධනය සිදු කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ යැයි අමාත්‍යවරයා පැවසීය.

 

 

Post Views: 6
Previous Post

නාලකගේ සහ නාමල්ගේ හඩ සැසදෙන බව රහස් පොලිසිය අධිකරණයට දන්වයි

Next Post

ඉඩම් මංකොල්ල කෑ යුගය අවසන් – ඉඩම් ලබා දෙන යුගයයි මේ ! -ඇමැති සජිත්

editor

editor

Next Post

ඉඩම් මංකොල්ල කෑ යුගය අවසන් - ඉඩම් ලබා දෙන යුගයයි මේ ! -ඇමැති සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved