• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හොරු නැති ආණ්ඩුවක් ලෝකයේ කොහේවත් නැහැ

27 May 2018
in ක්‍රීඩා

ජාතිවාදය සහ ආගම්වාදයෙන් රටක් සංවර්ධනය කළ නොහැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රුපියල් මිලියන 800 ක වියදමින් මොරටුව ප්‍රාදේශිය රෝහලේ ඉදිකිරිමට නියමිත මහල් 05 කින් යුත් වාට්ටු සංකීර්ණය සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින්.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ සියලු ජනතාවට සහෝදරයන් ලෙස සැළකීම රජයේ ප්‍රතිපත්තියයි. උතුරේ සංවර්ධනයට මෙවැනි මුදලක් රාජ්‍ය නායකයෙකු පවා වියදම් කර නොමැති බව එම පළාතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් මහතා වරෙක ප්‍රකාශ කර තිබුනා. වෛද්‍යවරුන් සදහා නිල නිවාස ඉදිකිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට අවසන් කර තිබෙනවා. නිවාස 5000 ක් ඉදි කිරීමට නියමිතයි. යටිතල පහසුකම් සියල්ල සංවර්ධනය කරනවා.”
“අපේ රජයේ තිබෙන්නේ එක එක පුද්ගලයාගේ ජයග්‍රහණයි. නමුත් පසුගිය රජයේ දී මහින්ද චින්තනයෙන් ලැබූ තවත් ජයග්‍රහණයක් කියා ප්‍රචාරක කටයුතු සිදු කළා. නමුත් අද ප්‍රචාරක අංශය මදි. අපේ රජයේ ධර්මය දන්න ඇමැතිවරු සිටියත් එම ධර්මය නිවැරදිව දේශනා කරන්න බැහැ. එම නිසා තමයි ප්‍රශ්න මතුව තිබෙන්නේ. 2017 වසරේ දී සෞඛ්‍ය සේවාව සදහා අයවැය මගින් රුපියල් කෝටි 23500 ක් වෙන් කර තිබුනා. නමුත් මම 2017 වසරේ දී සෞඛ්‍ය සංවර්ධනය සදහා රුපියල් කෝටි 50000 ක් වියදම් කර තිබෙනවා. එහිදී සෞඛ්‍ය සේවාවට ලැබුන ආයෝජන ඉතා වැදගත්. සම්ප්‍රදායික ක්‍රම වලින් අපි වෙනස් විය යුතුයි. එක්සත් ජාතික පක්ෂය ධනවාදී දේශපාලන පක්ෂයක් වුවත් එම තත්ත්වය අද වෙනස් වී තිබෙනවා. යහපාලන රජය අපි බිහි කළේ රාජපක්ෂලාට බය නැතුවයි. එය ජයග්‍රහණයක් බවට පත් වුනා. රට වෙනස් කිරීම සදහා තිබෙන ප්‍රතිපත්ති වෙනස් කළ යුතුයි. ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය මගින් රට පාලනය කිරීම නුසුදුසුයි. සහෝදරත්වයෙන් රට ගොඩනැංවිය යුතුයි. මැලේසියාව ජාතිවාදය ඉවත් කරමින් රට සංවර්ධනය කළා. හොරු නැති ආණ්ඩුවක් ලෝකයේ කොහේවත් නැහැ. ඉන්න හොරු අල්ලන්න ඕනි. වරදකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි. පසුගිය රජය සමයේ දී වරදකරුවන් නීතිය ඉදිරියට රැගෙන ආවේ නැහැ. නමුත් අද එය සිදු වෙනවා. “ යැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් සමරනායක මහතා, මොරටුව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රීක් වෛද්‍ය නිලධාරී අමල් ගමගේ මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

දෙන්නාටම කෙළවෙනවා – දිගම්බරම්

Next Post

මට පුළුවන් කියලා මංගල දන්නවා – ගෝඨාභය

editor

editor

Next Post

මට පුළුවන් කියලා මංගල දන්නවා - ගෝඨාභය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved