27 April 2024
#දේශීය

අගමැතිකමින් ඉවත් වු මහින්ද විපක්ෂනායකකමට

මීලග පාර්ලිමේන්තු සභාවාරයේදී සන්ධානයට විපක්‍ෂ නායක ධුරය හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාව පත් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් වීමේ ලිපිය අත්සන් කිරීමෙන් අනතුරු දේශපාලනිකව ඊලගට සිදු කළ යුතු වන්නේ කුමක් දැයි ඔහුට සමීප දේශපාලනඥයින් සමඟ සාකච්ඡා කොට ඇත.

එහිදී යෝජනා වී ඇත්තේ දෙමල ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය හා එක් වීමෙන් පසු එම පක්ෂයට විපක්ෂනායක ධුරය අහිමි වන අතර එය මහින්ද පිල වෙත ලබා ගත යුතු බවයි. ඒ අනුව එම විපක්ෂනායක ධුරය නිමල් සිරිපාල ද සිල්වාට දෙන ලෙස පවසා සිටියද ඇතැම් අය කියා සිටියේ ඔහු එම ධුරය මේ මොහොතේ ලබා ගත හොත් එය අවාසි සහගත තත්ත්වයක් උද්ගතවන බවයි.

පසුව යෝජනා වී ඇත්තේ සුසිල් ප්‍රේම්ජයන්තගේ නාමයයි. ඔහු පිළිබඳ බොහෝ දෙනාගේ කැමැත්ත පල කළ බව දැන ගන්නට ලැබිණි. ඔහුගේ පරිණත නිතිඥයෙකු වශයෙන් මේ මොහොතේ දේශපාලනික මෙන්ම නීතිමය වශයෙන් මුහුණ දීමට ඔහු සුදුසු යැයි යෝජනා වී තිබේ.

නමුත් පසුව මහින්ද රාජපක්ෂ විසින් පවසා ඇත්තේ තමා එම ධුරය බාර ගෙන කටයුතු කරන බවත් ප්‍රබල විපක්ෂයක් ගොඩ නැගීම සිදු කිරීමට අන් අයගේ සහාය ලබා ගන්නා බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *