27 April 2024
#දේශීය

නව අවුරුද්දේ මංගල සහන අයවැයක්

2019 වසර සඳහා හෙට පත්වන නව ආණ්ඩුව විසින් ජනතාවට සුභදායක මෙන්ම සහන රැසක් ඇති අයවැයක් ලබා දීමට කටයුතු කරන බව වාර්තා වේ. මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ මංගල සමරවීර හට එම අමාත්‍යංශයම නැවත ලැබෙනු ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටි.

මංගල සමරවීරගේ සමීපතයෙකු කියා සිටියේ මෙවර අයවැය තුළින් ජනතාවට විශාල සහන රැසක් ලබා දීමට කටයුතු කරනු ඇති බවයි. එමෙන්ම පසුගිය දිනවල පැවැති දේශපාලන අර්බුධ හමුවේ ජනතාවගේ මානසික පිඩාව මෙන්ම රාජ්‍ය සේවකයාගේ මානසිකත්වය නගා සිටුවීමේ අරමුණින් මෙවර අයවැය සකස් කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

අයෝජනයට හිතකර මෙන්ම ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කර ගත් අයවැයක් මෙවර ඉදිරිපත් කෙරුණු ඇති බවත් බිදුණු ආර්ථීකය යළි නගා සිටුවීමටත් එය කෙටි කාලීන විසදුම් මගින් ආර්ථික නගා සිටුවීමට කටයුතු කරනු ඇති.

මේ අතර නව අමාත්‍යංශ අතර සෞඛ්‍ය අමාත්‍යංශය රාජිත සේනාරත්නත් මෙගා පොලිස් අමාත්‍යංශය පාඨලි චම්පික රණවකව පත් කරනු ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *