27 April 2024
#දේශීය

අගමැතිකම ඉල්ලලා එකසැරයක් කා ගත්තා..මේ පාරත් මට නාගන්න බෑ – නිමල් සිරිපාල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමාට යෝජනා කළ ද තමා එය ප්‍රතික්ෂේප කල බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ බදුල්ල නගරයේ ඊයේ(21) පස්වරුවේ පැවති උත්සවයක් අමතමින්.

එහිදී ඒ මහතා කියා සිටියේ තමාට පසුගිය කාලයේදී අගමැති ධුරය ඉල්ලන කියලා කට්ටිය කිව්වාට හැමෝම තමාව රැවටු බවත් තමාට එය නොලැබුණ බවත් ඒ අනුව ජනාධීපති ධුරය ඉල්ලන්න ගිහින් නාගන්න බැරි බවයි. ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන්නට ඕන ජයග්‍රහණය කළ හැකි අයෙක් බව හෙතෙම පැවසිය. අපගේ ජාතික වගකීම ජයග්‍රහණය කල හැකි අපිට එක්ව වැඩ කල හැකි අපත් සමඟ සමීපතව වැඩ කළ හැකි නායකයෙකුට සහාය ලබා දීම සිදු කල යුතු බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගින් ඉදිරි මැතිවරණ සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දේශපාලන නියෝජිතයින්ගේ දේශපාලනය සුරක්ෂිත වන අයුරින් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *