කඩුගන්නාව පොලිස් වසමට අයත් පිළිමතලාව, ගිරාගමවත්ත ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි විවාහක කාන්තාවක් නිවැසියන්ට නොදන්වා නිවසින් බැහැරව ගොස් අතුරුදන් වී ඇති බව කඩුගන්නාව පොලිස් ස්ථානය නිවේදනය කරයි. 2026 මාර්තු 11 වන දින ඇයගේ ස්වාමිපුරුෂයා විසින් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මේ වන විට පුළුල් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
මෙලෙස අතුරුදන් වී ඇත්තේ අංගම්පොඩිගේ තරුෂි අමායා අතුපිටිය නැමැති 20 හැවිරිදි තරුණියකි. ඇයගේ ජාතික හැඳුනුම්පත් අංකය 200582903984 වන අතර, මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසිය විසින් මහනුවර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ද කරුණු වාර්තා කර ඇත.
ඡායාරූපයේ දැක්වෙන මෙම කාන්තාව පිළිබඳව යම් නිශ්චිත තොරතුරක් හෝඩුවාවක් වෙතොත්, වහාම ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
දුරකතන අංක:
කඩුගන්නාව පොලිස් ස්ථානාධිපති – 071-8591060
කඩුගන්නාව පොලිස් ස්ථානය – 081-2571222
















