27 April 2024
#සංවර්ධන

පුරන් කුඹුරු අස්වද්දයි

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයිනේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ගන්නා ලද තීරණයට අනුව මෙවර මාස් කන්නයේදී වගා නොකළ ඉඩම් අක්කර 27,000කට ආසන්න ප්‍රමාණයක් යළි වගා කිරීමට පියවර ගෙන තිබේ.

කෘෂි කර්ම අමාත්‍යංශය විසින් දිවයිනේ සියලුම පුරන් කුඹුරු අස්වැද්දීමට ගන්නා ලද පියවර අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වගා නොකරන ලද සියලුම කුඹුරු ඉඩම් යළි වගා කිරීමට පියවර ගන්නා ලෙස දන්වා දිවයිනේ සියලුම සහකාර ගොවිජන කොමසාරිස්වරුන් වෙත චක්‍ර ලේඛයක් නිකුත් කරනු ලැබීය. ඒ අනුව අයිතිකරුවන් සිටිනල එහෙත් මෙතෙක් වගා නොකරන ලද සියලුම කුඹුරු ඉඩම් වගා කිරීමට කැමති, නමුත් වගා කිරීමට ඉඩම් නොමැති පුද්ගලයින් වෙත ලබාදී වගා කිරීමේ කටයුතු අරඹනු ලැබීය. වගා කරන පුද්ගලයාට එම ඉඩමේ අයිතිය නොපැවරෙන අතර වගා කිරීම සඳහා විධිමත් පරිදි නිවේදන නිකුත් කර අයිතිකරු ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමෙන් අනතුරුවල ඉඩමේ අයිතිකරු වගා කිරීමට පියවර නොගන්නේ නම් වෙනත් පුද්ගලයින් යොදවා වගා කිරීමට නීති ප්‍රතිපාදන ගොවිජන සංවර්ධන පනත යටතේ ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට බලතල ඇත.

ඒ අනුව පසුගිය යල කන්නයේදී පුරන් කුඹුරු අක්කර 13,000ක් නැවත වගා කළ අතර මෙවර මාස් කන්නයෙදී අක්කර 24,309ක ඇති ඉඩම් කැබලි 19,528 ක් වී වගාව සඳහා යොදා තිබේ. එමෙන්ම ඉඩම් අක්කර 2094ක ඇති ඉඩම් කැබලි 3037ක අතුරු බෝග වගා කිරීමට ද පියවර ගෙන ඇත.

දැනට අපේ රටේ වී වගා කළ හැකි පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 1,40,000කි. ඉන් අක්කර 1,14,000ක් ඉතා හොඳින් වගා කළ හැකි මට්ටමේ පවතී.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *