27 April 2024
#දේශීය

නිශ්ශංක ඔබ දුරකථන සංවාදය විකෘති කරලා – මුළු සංවාදයම දාන්න – දිල්රුක්ෂි කියයි

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, වර්තමාන සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර සිදුවු දුරකථන සංවාදයක් මේ දිනවල මාධ්‍ය වෙත මුදා හැර තිබේ. ඒ පිළිබඳ විවිධ දේශපාලඥයින් විසින් විවිධ ප්‍රකාශ නිකුත කර තිබේ.

මේ අතර අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම වර්තමාන සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර සිදුවු දුරකථන සංවාදය සම්බන්ධයෙන් මූලික විනය පරීක්ෂණයක් සිදුකිරීමට නීතිපතිවරයා ඉල්ලීමක් කරන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය. ඒ අනුව අදාල ඉල්ලීම රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත සඳුදා දිනයේදී යොමුකරනු ඇති.

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය දේශපාලන බලපෑම් ඇවන්ට්ගාඩ් සමාගමට නඩු පැවරු බව කියවෙන දුරකථන සංවාදයක හඩ පටයක් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පුරුවේ සිට සමාජ මාධ්‍ය වෙත ඊයේ නිකුත් කරනු ලැබුවේය.

මේ අතර අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මෙසේ සඳහන් කර ඇත.

එම සටහන පහත පරිදි වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *