27 April 2024
#දේශීය #පුවත්

අධික වැසි තත්වය හේතුවෙන් උකුවෙල කුඹුරු අක්කර 60 ක් විනාශයට

මාස කිහිපයකට පෙර පැවති අධික වැසි තත්වය හේතුවෙන් උකුවෙල කඩුවෙල හුන්ස්ගිරිය ඔයේ පැති බැම්ම කැඩි යාම නිසා කුඹුරු අක්කර 60ක් පමණ විනාශයට පත්වු බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

මේ නිසා ගොවි පවුල් 300ක් පමණ අපහසුතාවයට පත්ව සිටින අතර කඩිනමින් එම පැති බැම්ම සකස් කර දෙන ලෙස ගොවින් විසින් ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගෙන් ඉල්ලිමක් කළ බව ගොවි සංවිධාන නියෝජිතයො පවසයි.

ඒ අනුව එම ස්ථානය තමන් පසුගිය දිනෙක නිරික්ෂණය කළ බවත් වහාම මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර දුරකතනයෙන් දැනුවත් කර පැති බැම්ම සකස් කිරිම සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කළ බවද අප සිදු කළ විමසිමේදි රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසිය.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *