අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර ලබා දීමේදී ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුගමනය කළ යුතු නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනතේ නිර්ණායකයන්ට අනුකූලව මෙම නව ක්‍රමවේදය සකස් කර ඇත.
දැනට මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ ක්‍රියාශීලීව නියැලී සිටින බස් රථ හිමියන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ පොදු ප්‍රවාහන සේවා සැපයීම සඳහා නව ආයෝජකයින්ට ඇති අවස්ථාවන් පුළුල් කිරීම මෙහි මූලික අරමුණකි. එමෙන්ම ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබා ගැනීමට මගීන්ට ඇති අයිතිය තහවුරු වන පරිදි මෙම සැලසුම් සකස් කර තිබේ. වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමත් සමඟ අන්තර් පළාත් බස් රථ සේවාවන්හි විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි.













