27 April 2024
#සංවර්ධන

අනුරපුරේ ජිම් එක කඩිනමින් තරුණයින්ට දෙන්න – රා.ඇමැති දුමින්ද

අනුරාධපුර ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි වෙමින් පවතින නවීන පහසුකම් වලින් සමන්විත කායවර්ධන මධ්‍යස්ථානෙයේ කටයුතු කඩිනමින් අවසන් කර තාරුණ්‍යයේ අයිතියට පත් කරන ලෙස තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා ඇත්තේ අද(17) පෙරවරුවේ අනුරාධපුර ජාතික තරුණ සේවා සභාව වෙත පැමිණි අවස්ථාවේදීය. එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂක එම්.බී ගුණසේන මහතා හා සහකාර අධ්‍යක්ෂ ආර්.එම් කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් සහභාගී වී සිට ඇත.

එහි පැමිණි දිසානායක මහතා අනුරාධපුර තරුණ සේවා සභා භුමියෙහි සෙසු ගොඩනැගිලිද නිරීක්ෂණය කළ අතර, වෘත්තීය පුහුණ මධ්‍යස්ථානයේ වැසිකිලි -කැසිකිලි පද්ධතියෙහි පිරිසිදු බව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ අතර, එම වැසිකිලි පද්ධතිය පිරිසිදුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් නිළධාරීන්ට ස්තූතිය පුද කළ අමාත්‍යයවරයා ඉදිරියටද එම වැසිකිලි පද්ධතිය ඇතුළු ආයතන පරිශ්‍රය පිරිසිදුව තබා ගන්නා ලෙස උපදෙස් ලබා දුන්නේය.

මේ අතර අනුරාධපුර තරුණ සේවා සභා කාර්යාල නිළධාරීන් හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ නියෝජනය කරන තරුණ සේවා නිළධාරීන් අතර සාකච්ජාවක් පැවැති අතර එහිදී පසුගිය වර්ෂ වල සිදු කළ ව්‍යාපෘතීන්ගේ ප්‍රගතිය සමාලෝඡනය කළ අතර, ඉදිරියේදී සිදු කළ යුතු වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ජා කෙරිණි.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *