• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කලින් කට්ටිය පොට වරද්ද ගත්තා… අපි ඇනගන්න වැඩ කරන්නේ නෑ – ඇමැති අමරවීර

17 December 2019
in දේශීය

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හෝ විදුලි බල මණ්ඩලයේ ඉහළ නිලධාරින් කවුරු මොන ආකාරයේ ගිවිසුම් හා ලිපි වෙනත් කණ්ඩායම් සමග හුවමාරු කර ගත්තත් එය රටට හා ජනතාවට අහිතකර වන්නේ නම් ව්‍යාපෘති කිසි දෙයකට තමා හරහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ නැති බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (16) ලංකා විදුලි පුද්ගලික සමාගමේ පැවැති සාකච්ඡාවට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ” පසුගිය රජයේ ඇමැතිවරු පොට වරද්ද ගත්තා. හොරු අල්ලනවා යැයි කියමින් බලයට පැමිණි පසුගිය රජයේ ඇමැතිවරු මහජනතාවට වැඩ කළේ නැහැ. හොරු අල්ලන වැඩේ කරන්න ඕනෑ ඇමැතිවරු නොවෙයි. ඒ වැඩේ කරන්න වෙනත් ආයතන තියෙනවා. ඒ වැඩේ බාර දෙන්න ඕනෑ ඒ අයටයි. පහුගිය රජයේ හොරු අල්ලන වැඩේ අපි වත්මන් රජය හැටියට බාර ගන්නේ නැහැ. අපි ඒ කටයුතු අදාළ අංශවලට බාර දෙනවා. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපිට උපදෙස් දීලා තියෙන්නේ ඇමැතිවරු ඇමැතිවරුන්ට පවරපු රාජකාරිය කරන්න කියළා. එමනිසා අපි මහජනතාවට වැඩ කරනවා මිසක් පහුගිය ආණ්ඩුව වාගේ රාජකාරි පටලවාගෙන අපි ඇනගන්න වැඩ කරන්නේ නැහැ. හොරු අල්ලන්න කියලා ආපු ආණ්ඩුව අවසානයේ මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වුනේ නටපු තොවිළෙකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ වගේ. අනික් කාරණය තමයි මිනිස්සු අමතක කිරීම . තමන්ට ඡන්දය දුන් මිනිස්සුන්ට ඇමැතිවරු හම්බවෙන්න හැකියාවක් තිබුනේ නෑ. ගියාම එළවා ගන්නවා. අවසානයේ මිනිස්සුම තීරණය කළා තමන් පත් කර ගත්ත ආණ්ඩුව එළවා දාන්න. එක්සත් ජාතික පක්ෂය අවුරුදු පහකට ආසන්න කාලයක් රට පාලනය කළත්, මහජනතාව දිනාගන්න වැඩ පිළිවෙළක් ඔවුන්ට තිබුනේ නෑ. මම හිතන විදියට ඔවුන් ආණ්ඩුවක් ගෙනයන විදිහ දන්නේ නැහැ. සමහර විට වැඩි කාලයක් විපක්ෂයේ ඉඳලා පුරුද්ද නිසා වෙන්නැති.ආණ්ඩු කරන එක කලාවක්. ඒ කලාව එක්සත් ජාතික පක්ෂයට ඕනෑ නම් අපේ රජයෙන් ඉගෙන ගන්න පුලුවන් යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

Post Views: 12
Previous Post

මතට ඇබ්බැහිවු රැදවියන් පුනරුත්තාපනයට වැඩසටහනක් – ඇමැති නිමල්  

Next Post

අනුරපුරේ ජිම් එක කඩිනමින් තරුණයින්ට දෙන්න – රා.ඇමැති දුමින්ද

editor

editor

Next Post

අනුරපුරේ ජිම් එක කඩිනමින් තරුණයින්ට දෙන්න - රා.ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved