27 April 2024
#විදෙස්

පාකිස්ථානයේ හිටපු ජනාධිපතිට මරණ දඩුවම නියම වෙයි

පාකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වෙස් මුෂාරෆ් හට මරණ දඩුවම නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අද (17) එරට ත්‍රිපුද්ගල මහාධිකරණය විසිනි.

මෙලෙස මරණ දඩුවම් නියම කර ඇත්තේ 2007 වසරේදී එරට ව්‍යවස්ථා විරෝධිව කටයුතු කර ඇති බවට සහ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් වරදකරුවීමෙන් අනතුරුවයි.

මෙම චෝදනාව අධිකරණයට ගොනු කරනු ලැබුවේ 2014 වසරේදිය.

මේ වන විට මුෂාරෆ් 76 හැවිරුදි පසුවිය. ඔහුගේ අසනිප තත්ත්වය මත 2016 වසරේදී ඩුබාහි සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා පිටව ගොස් ඇති අතර මේ වන විට ද පාකිස්ථානය වෙත පැමිණ නොමැති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

දිලිනි සමන්මලි 

 

විදෙස් මාධ්‍ය වාර්තාව ගෙන එන්නේ –  https://timesofindia.indiatimes.com/world/pakistan/former-pakistan-president-pervez-musharraf-gets-death-penalty-in-high-treason-case/articleshow/72824851.cms

Leave a comment

Your email address will not be published. Required fields are marked *