ඉන්දීය රජයේ ප්රධාන ආධාර යටතේ ක්රියාත්මක වන ආදර්ශ ගම්මාන නිවාස ව්යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්රික්කයේ, යක්කලමුල්ල, තලංගහ වතුයායේ ඉදිකරන ලද “දිදුල” ගම්මානය නිල වශයෙන් ප්රතිලාභීන් වෙත පවරාදීම 22 සිදු කෙරිණි.
ශ්රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ මෙම ව්යාපෘතිය කඩිනමින් ක්රියාත්මක කර අවසන් කර ඇත. පසුගිය 2018 වසරේදී ආරම්භ කරන ලද මෙම නිවාස ව්යාපෘතිය මගින් ප්රදේශයේ තරුණ හා අඩු ආදායම්ලාභී පවුල් 24කට නව නිවාසවල හිමිකම හිමි වේ.
ඉන්දීය සහ ශ්රී ලංකා මිත්රත්වය තවදුරටත් තහවුරු කරමින් ඉදිවූ මෙම ව්යාපෘතියේ සමාරම්භක අවස්ථාව සහ ප්රතිලාභීන් වෙත නිවාස ප්රදානය කිරීමේ කටයුතු නිවාස සංවර්ධන අධිකාරියේ ගාල්ල දිස්ත්රික් කාර්යාලය විසින් ඉතා සාර්ථක ලෙස සංවිධානය කර තිබිණි.













