27 April 2024
#දේශීය

අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නෑ – ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද කියයි

ආණ්ඩුවෙන් ඉවත්වන්නට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දුන් පසු එහි අන්තර්ගතයේ මෛත්‍රිපාල සිරිසේන මහතාට චෝදනා එල්ලවීමත් සමඟ ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක් ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ පිළිබඳ අප කල විමසීමකදී දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේ එම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට අවශ්‍ය නොමැති බවයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *