• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රත්නපුරේ ක්‍රිකට් සභාපතිකම පවිත්‍රාගේ සැමියාට හිමිවෙයි

2 March 2021
in ක්‍රීඩා

රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 33 වන සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා නිතරඟයෙන් තේරී පත්වෙයි.

රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 41 වන වාර්ෂික නිලවරණය පසුගිය 28 වනදා රත්නපුර “නිලානී” හෝටලයේ දී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව පැවැත්විණි.

එහිදී 2021-2022 කාලසීමාව සදහා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 33 වන නව සභාපතිවරයා ලෙස නිතරඟයෙන් තේරී පත්වීමට සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා සමත් විය.

මීට පෙර කංචන ජයරත්න මහතා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ උප සභාපතිවරයා ලෙස වසර 05 කාලයක් කටයුතු කොට ඇත. කංචන ජයරත්න මහතා රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස පත් වූ පසු 2020 වර්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ගිහාන් වීරසිංහ මහතා විසින් කංචන ජයරත්න මහතාට සුබපැතුම් එක් කරනු ලැබීය.

මේ අනුව රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ 2021-2022 කාල සීමාව සදහා වූ නව නිලධාරී මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාත්, ලේකම්වරයා ලෙස එරංග ප්‍රසාද් මහතාත්, උප සභාපතිවරුන් ලෙස දමිත් බටවල, කමල් සිසිර කුමාර, අජන්ත සුගතදාස යන මහත්වරුන් සහ උප ලේකම් ලෙස ගයාන් කුඩාගම මහතාත්, භාණ්ඩාගාරික ලෙස එල්මෝ සූරිය ආරච්චි මහතාත් කටයුතු කරනු ඇත.

මෙහිදී අදහස් දක්වමින් රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ නව සභාපති කංචන ජයරත්න මහතා පැවසුවේ ” රත්නපුර දිස්ත්‍රික් සභාවේ ක්‍රීඩා සංගම්වල විශාල ඉල්ලීමක් මත නිලවරණය ඉදිරිපත්වීමට තීරණය කළ බවයි. ඉදිරියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත්, රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයෙත් සියළු ක්‍රීඩා සමාජ වලත් අභිවෘද්ධිය අරමුණු කොටගෙන ක්‍රීඩා අමාත්‍යතුමාගේ සහයෝගයත්, ක්‍රීඩා අමාත්‍යාංශයේත් සහයෝගය ඇතිව, දිස්ත්‍රීක්කයේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බවත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉදිවෙමින් පවතින මොණරවිල ක්‍රිකට් ක්‍රීඩාංගණය හැකි ඉක්මණින් විවෘත කිරිමට ද පියවර ගනිමින් ඉදිරියේ දී පාසල් ක්‍රීකට් ක්‍රීඩාව මෙන්ම කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තුලින් ද ජාතික කණ්ඩායම් නියෝජනය කිරිමට ක්‍රිඩකයින් පෙළගැස්වීමට තමාට හැකි උපරිමයෙන් ශක්තිය, ධෙර්යය යොදවන බව ද පැවැසීය.

කංචන ජයරත්ත මහතා සභාපති, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය, උප සභාපති, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, සභාපති, රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමය, සභාපති, රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමය, ආදි වශයෙන් ක්‍රීඩා සංගම් රැසක ද තනතුරු හොඹවයි.

 

Post Views: 11
Previous Post

අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නෑ – ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද කියයි

Next Post

හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද වතු සේවක වැටුප රුපියල් 1000 සම්මතයි

editor

editor

Next Post

හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද වතු සේවක වැටුප රුපියල් 1000 සම්මතයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved