• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි තුවක්කුව බෙල්ලට තියලා පාරවල් හැදුවේ නෑ – ඇමැති කබීර් කියයි

9 April 2019
in දේශීය

මාර්ග සංවර්ධනයේදී විද්‍යාත්මක ක්‍රමයට අනුව මාර්ග සැකසීමේදී පාරවල් පලල් කිරීමේදී ජනතාවගේ කැමැත්ත අනුව මිස පසුගිය රජය මෙන් තුවක්කුව බෙල්ලට තබා තර්ජනය කර එම කටයුතු සිදු නොකරන බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) අමාත්‍යංශයේ පැවැති හදවත් යා කෙරෙන රන් මාවත් විශේෂ මාර්ග සංවර්ධන වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පාරවල් ඉදි කිරීම සඳහා පසුගිය රජය විසින් ජනතාවගෙන් ගත් ඉඩම් වලට වන්දි ගෙවීමට සිදු වුයේ තමා යටතේ බවයි.එදා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනතාවගෙන් බලෙන් ඉඩම් ලබා ගෙනයි අධිවේගි මාර්ග ඉදි කළේ. නමුත් වත්මන් රජය විසින් ජනතාවගේ කැමැත්ත අනුව හා ඔවුන්ට වන්දි ලබා දෙමින් තමයි මෙම මාර්ග සංවර්ධන සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටියේය. වත්මන් රජය මෙම සංවර්ධන කටයුතු සිදු කරන්නේ මැතිවරණය ඉලක්ක කරගෙන නොවන බවත් මෙය හුදෙක් ජනතාවගේ සුබ සිද්ධිය මත බව හෙතෙම පැවසිය.එසේම මෙම හදවත් යා කෙරෙන රන් මාවත් විශේෂ මාර්ග සංවර්ධන වැඩසටහන ලබන මැයි මස 12 වනදා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව අමාත්‍යවරයා අනාවරණ කළේය. එම වැඩසටහන දිවයින පුරා පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇති බව හෙතෙම අනාවරණ කළේය.

මෙම වැඩසටහන උතුරු මෙන්ම නැගෙනහිර පළාත්වලද මාර්ග සංවර්ධනය සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මේ වන විට සිදු කරමින් පවතින බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පැවසිය.

Post Views: 15
Previous Post

මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු ගැන ජනපති අගමැති අතර සාකච්ඡාවක්  

Next Post

ලයිට් කැපිල්ල – අපේ බුවා 4 වන කොටස

editor

editor

Next Post

ලයිට් කැපිල්ල - අපේ බුවා 4 වන කොටස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved