27 April 2024
#දේශීය

මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකු ගැන ජනපති අගමැති අතර සාකච්ඡාවක්  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව අගමැතිවරයා ජනාධිපතිවරයා අසලට පැමිණ හදිසියේම කාරණයක් ගැන සාකච්ඡා කිරීමට හමුවීමට අවශ්‍ය බවට දන්වා තිබේ.
රැස්වීම පැවැති ස්ථානයේ එම කාරණය පැවසීමට නොහැකි බැවින් වෙනත් ස්ථානයකට යා යුතු බව අගමැතිවරයා ජනාධිපතිවරයාට පවසා ඇති බව තිබේ. ඒ අනුව ඉහල මාලයේ ස්ථානයක පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ “රූපවාහිනියේ පඩි ගෙවා ගන්නවත් බැරිව කඩා වැටෙමින් තියෙන්නේ. ඒ නිසා අලුත් සභාපතිවරයෙක් පත් කරලා රූපවාහිනිය ගොඩ ගන්න ඕන.”

අගමැතිවරයාගේ අදහසට ජනාධිපතිවරයා අපූරු පිළිතුරක් ලබා දෙමින් පවසා ඇත්තේ “ රූපවාහිනිය විතරක් නෙමෙයි අයි.ටී.එන් ආයතනයෙත් රූපවාහිනියට වැඩිය ප්‍රශ්න. මට ආරංචියි අයිටීඑන් එකේ ප්‍රශ්න ගොඩයි. මං කොහොමත් රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් ගෙන්වලා සාකච්ඡාවක් කරලා තීරණයක් ගන්නම්.” යනුවෙනි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *