27 April 2024
#දේශීය

අපේ රට අනාරක්ෂිත තත්වයෙන් ගොඩ ගත්තේ සංඝ රත්නය බව ඇමැති නිමල් කියයි

අපේ රට අනාරක්ෂිත තත්වයකට යමින් පැවති තත්වය වෙනස් කරලා නිවැරදි මාර්ගයට යොමු කිරීමේ හැරවුම් ලක්ෂය බවට පත් වුණේ ගෞරවණිය මහා සංඝ රත්නය බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සාම විනිසුරු පදවි 750 ක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරලා සංඝයාවහන්සේලා ඒ සදහා නායකත්වය ගත් බවයි.

ඒ තුළින් රට නව මාවතකට යොමු වුණා සේම විනය ගරුක රටක් බවට පත් වු බවත් රට අද නිවැරදි දිශාවට ගමන් කරනවා වගේම විනය ගරුක රටක් බවට පත් වෙලා තිබෙන බව හෙතෙම පැවසිය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය ” නායකත්වය ලබා දීමේ වගකීම ඔබට තිබෙනවා.මෙම තනතුර දරන ලද පුද්ගලයින් අතීතයේ මෙම තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කළා සේ ඔබත් කටයුතු කළ යුතුයි.සාම විනිසුරු තනතුර කියන්නේ රැකියාවක් හෝ වෘත්තියක් නොවෙයි.මෙය ගරු සේවයක් බවට මතක තබා ගත යුතුයි.අතීතයේ සිටි ඇතැම් සාම විනිසුරුවරුන් මේ තනතුරේ ගෞරවය විනාශ කළ ආකාරයත් වාර්තා වෙලා තිබෙනවා.ගමත් පන්සලත් යා කරන පාලමක් නිර්මාණය කිරීම සදහා සෑම විහාරස්ථානයකම ගෞරවණිය විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සදහා සාම විනිසුරු තනතුරු ලබාදීමට තීරණය කර තිබෙනවා.ගමත් පන්සලත් අතර පමණක් නොවෙයි පන්සල පල්ලිය කෝවිල කියන මේ සියලු ආගමික ස්ථාන කේන්ද්‍ර කරගත් සමාජීය පරිවර්තනයක් කළ යුතු යුගයකට රට යා යුතු බව” යැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *