27 April 2024
#සංවර්ධන

අපේ වාසියට රට විනාශ කරන්නේ නැහැ – මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

ඉදිරියේ පැවැත්වීමට නියමිත සියළුම මැතිවරණ වලදී පෝස්ටර් පොලිතීන් වලින් තොරව හරිත සංකල්පය මත පදනම්ව තම දේශපාලන ව්‍යාපාරය මෙහෙයවන බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අද(09) නිවිතිගල ආසනයේ පැවති පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනේදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා කියා සිටියේ ” අද තරුණ තරුණියන් පෙරමුණ ගෙන රටම ලස්සන කරන්න උත්සහ ගන්නවා අපි ඔවුන්ට ආදර්ශමත්ව කි‍්‍රයා කළ යුතුයි. ඔවුන්ගේ ඒ උත්සහය කැපවීම අපගේ දේශපාලන ව්‍යාපරය තුලින් විනාශ නොකළ යුතුයි. ඒ නිසා යමෙක් මේ රටේ දේශපාලනය කරනවානම් ඔහු ප‍්‍රථම මව්බිමටල පරිසරයට ආදරය කළ යුතයි. නැතිනම් උෂ්නත්වය ඉහල යාම, අනපේක්ෂිත වර්ෂා වලින් සිදුවන විශාල පාරිසරික හානි වලට වර්ෂයේ බොහෝ කාලයක් මුහුණු දීමට සිදුවෙනවා. පසුගිය මාස කිහිපයේ අපි පරිසර විනාශයේ ප‍්‍රථිපල අත් වින්දා.අද ලෝකයත් මේ පරිසරය විනාශ කිරීමේ ප‍්‍රථිථල වලට මුහුන දෙනවා ඊට හොදම උදාහරණය තමයි ඕස්ටේ‍්‍රලියාවේ ලැව් ගිනි. එමනිසා අපට ජන්දයේදී කුමන ප‍්‍රථිපලයක් අත් උවත් එය මගේ මවු බිමටල ඒ පරිසරයට වඩා මට වටින්නේ නැහැ.

මෙම ආදර්ශය නිව්තිගල නගරය කේන්ද්‍රකර ගනිමින් මුළු රටටම ලබා දීමට අපි කටයුතු කරනවා. ශ්‍රී ලංකාව දෛනිකව පොලීතීන් පරිසරයට මූදා හරින රටවල් අතර මුල් කිහිප දෙනා අතරට පැමිණ අවසන්. එමනිසා එය වැලැක්වීමට තිරසාර විසදුම් ඉතා ඉක්මනින් සෙවිය යුතුයි. ඒ වගේම ඒ සඳහා වැය වන මුදල් ප‍්‍රමාණය යොදවා ස්ථීර නිවාස අහිමි පවුල් සඳහා නිවාස තනා දීමට අපි කටයුතු ආරම්භ කරනවා. ඒ වගේම තව දෙයක් කිව යුතුයි ජනාධිපතිවරයාගේ සංකල්පයට අනුව නුදුරු අනාගතයේදී ඉදි කිරීමට බලාපොරොත්තු වන ජාත්‍යන්තර මැණික් වෙළද මධ්‍යස්ථානය තුලින් රත්නපුර නගරය කොලඹට පමණක් දෙවනි වන නගරයක් බවට පත්වේවි. එය සමස්ථ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආර්ථිකය ඉහල යාමට බලපාන බව” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *