27 April 2024
#දේශීය

අභියාචනය ඉවතට – දුමින්දට මරණ දඩුවම නියම කරයි

භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට කොළඹ මහාධිකරණය ලබාදුන් මරණ දඬුවම, ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තහවුරු කරයි.

භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට පැනවූ මරණීය දණ්ඩන නියෝගය අහෝසි කර සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා සහ තවත් සිව් දෙනෙකු ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම් පිළිබඳ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කෙරිණි.

අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් කොළඹ මහාධිකරණය ලබාදුන් මරණ දඬුවම තහවුරු කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *